
ලොව ප්‍රථම වරට මුවන්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඇමෙරිකා වනජීවී නිලධාරීන් තහවුරු කර ගෙන ඇත.
ඔහියෝ ප්‍රාන්තයේ වනගතය තුළ සුදු වලිග ඇති මුවකුට වෛරසය ආසාදනය වී තිබේන බව ඇමෙරිකා වන ජීවී නිලධාරීන් ඉකුත් සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම මුවන්ට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් අනාවරණය වී නොමැත.
මේ අනුව කොවිඩ් ආසාදනය වන සතුන්ගේ ලැයිස්තුව තව දුරටත් පුළුල්ව ඇති බව ඒම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
බල්ලන්, බළලුන්, කොටින්, සිංහයන්, හිම දිවියන්, දිය බල්ලන්, ගෝරිල්ලන් ආදී සතුන් තුළ කොවිඩ් - 19 පැවැති බවට මිට පෙර තහවුරු කර තිබිණි.
තිළිණි ද සිල්වා
(හින්දුස්ථාන් ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd