ඇමෙරිකා එක්සත් ජනපදයට තවදුරටත් මැද පෙරදිග අර්බුදයේ මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට නොහැකි යැයි තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදය දැන් මැදිහත්කරුවකු නොව මැද පෙරදිග අර්බුදයේ තවත් එක් පාර්ශ්වකරුවකු යැයි ද ජනාධිපති එර්දොවාන් කීවේය.
ඊශ්‍රායලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කිරීමත් සමඟ මැද පෙරදිග ඇති වූ තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි ජනාධිපතිවරයා එම කරුණු කීය.
ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලමේ තානාපති කාර්යාලය විවෘත කිරීමෙන් මැද පෙරදිග අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාව ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව නීති වීරෝධී ලෙස මෙලෙස තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන ගොස් ඇති බව සඳහන් අරාබි ලීගය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ.
මේ අතර ඇමෙරිකාවට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නැයි අල් කයිඩා සංවිධානයේ ප්‍රධානී අයිමාන් අල් සවාහරී තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.
ඬේලිමේල් ඇසුරිනි
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd