ඇමෙරිකා හමුදා එල්ල කළ ප්‍රහාරයකින් තම හමුදාවේ තිදෙනකු මියගොස් ඇතැයි සිරියා රජය ඇමෙරිකාවට චෝදනා කරයි. සිරියා රජය පවසන්නේ කැරළිකරුවන් බහුලව සිටින ප්‍රදේශයක පිහිටි තම හමුදා කඳවුරකට ඇමෙරිකාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එම තිදෙනා මරුමුවට පත්ව ඇති බවයි.
ඇමෙරිකා ඒකාබද්ධ හමුදා ප්‍රධානින් සිරියාවෙන් එල්ලවන මේ චෝදනා ප්‍රික්ෂේප කරමින් පවසන්නේ සිරියා රජය පවසන ප්‍රදේශයට තමන් කිසිදු අවස්ථාවක මෙහෙයුම් නොකළ බවයි.
ඇමෙරිකා හමුදාව පසුගිය සැප්තැම්බර් මාසයෙ සිට සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදි ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ ද එම මෙහෙයුම්වල දී සිරියානු හමුදාවේ සහය ලබා නොගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමත්, අසාද්ගේ දැඩි පාලනය නිසා වෙන්න ඇති සිරියාවෙන් ලක්ෂ ගණන් සිරියා අනාථයින් යුරෝපයට පැනලා එන්නේ. අසාද්ව පන්නපු දවසක තමයි සිරියාවට විමුක්තිය ලැබෙන්නේ. (නි)
ඉන්දික ඉන්නේ සිරියාවේද? (නි)
රජා ඒකාධිපතිද නැද්ද කියන රටවල් තීරණය කරන්නේ ඒ රටවල් වල ජනතාවද, නැත්නම් ඒ සමහර රටවල් වල විපක්ෂයේ හඬට තල්ලුවක් දෙන ඇමරිකාවද? ලිබියාවේ රට දියුණුකළ ගඩාෆිට විරුද්ධව කැරලි ගහපු 25%ක් වන අයට ඇමරිකාව සහ බටහිර රටවල් සහය නුදුන්නා නම් අදත් ගඩාපි රජු තමයි. දැන් මොකද ලිබියාවේ ඉන්න ජනතාවට ලැබුණු නිදහස? නිදහසේ හිටපු ඔවුන්ට දැන් ජීවත්වීම සඳහා අවි අතට ගන්න වෙලා. අපිටත් ඔය දෙය වෙන්න පුළුවන්. තේරුම් ගන්න. (නි)
අපේ රටෙත් ඉන්නවා පතෝල වගේ සුදු ශක්තිමත් නායකයො. (බ)
උපාලි, මෝඩ කතා කියන්න එපා. ලිබියාවේ ගඩාෆි කියන්නේ ඒකාධිපතියෙක්. ඔහු අවුරුදු 40 තිස්සේ කිසිම විපක්ෂයක් හැදුවේ නැති නිසා තමා අද ඔහු බලයෙන් පහවුණාම ලිබියාව අරාජිකවෙලා තියෙන්නේ. ඔහු ඔය කියන තරම් හොඳ මිනිහෙක් නම් 2011 දහස් ගණන් මිනිස්සු ඔහුට විරුද්ධව පාරට බහින්නේ නැහැ (නි)
චමත්, ලෝකය ගැන පොඩ්ඩක් හදාරන්න. ඉරාකය, ලිබියාව අරාජික වෙන්නේ ඒවායේ සිටි කෲර ඒකාධිපතියන් මිනිසුන් තලාපෙලාගෙන සිටි නිසා. හැමදේකටම බටහිරට ඇඟිල්ල දිගුකිරීම මෝඩකමක්. (නි)
ගඩාෆි සදාම් කෘෘර පාලකයෝ වුනත් තමුන් ගේ රටට කරපු සේවය අති මහත්, රහත් වෙලා රටක් පාලනය කරන්න බැහැ.. 88-89 අපේ රටේ මොකද වුනේ ? නමුත් ඉරාකයේ ලිබියාවේ තුබුණු නීතියේ පාලනය අද කෝ? රටේ තියෙන සම්පත් කොල්ල කන එක නේද වෙලා තියෙන්නේ ? සදාම් කුර්දි කැරලිකරුවන් 300 එක්ක ගම්මානයක් විනාශ කළා.. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය අරන් දෙන්න බටහිර රටවල් අතින් මිලියන ගාණක් මැරුන .. අදටත් මැරෙනවා අපිට නොතේරුනාට අද ඒ රටවල් තේරුම් අරන් තියෙනවා සිදුවුණ වැරැද්ද (බ)
කාන්ත්, සදාම් විරුද්ධ වුණේ ඇමෙරිකාව මැද පෙරදිග සම්පත් හුරාකන එකට. කුවේට් ආක්‍රමණය කළේ පොළොව යටින් ඉරාකයේ තෙල් සම්පත් හොරාගත් එකට. සදාම් යෝජනා කළේ ආසියාකරේ දුප්පත් රටවලට සහන මිලට තෙල් දෙන්න සහ බටහිර රටවලට වැඩි මිලට තෙල් සපයන්න. නමුත් ඒව සාර්ථක වුණේ නැහැ. ඔපෙක් එකත් අසාර්ථක වුණා. සදාම් ගඩාෆි ඒ රටවල ජනතාවට දුන් සහන ලෝකයේ වෙන කිසිම රටක් දීලා නැහැ (නි)
ස්වාධීන රාජ්‍යයක් ඇමරිකාවෙන් කිසිදාක නිදහස් රටක් වීම බලාපොරොත්තු වෙන්නේ නැහැ . එසේ වීමට ඇමරිකාව ඉඩ දෙන්නෙත් නැහැ (බ)
සුසන්ත, ඔබ ඇතුළු බොහෝ දෙනෙකුට සත්‍ය තේරුම් ගන්න හැකි වුනත් එය තේරුම් ගන්න බැරි නාමල් වගේ පුද්ගලයොත් ඉන්නවා. අර කවුද කිවුවනේ, මෝඩයා වුනත් මරන්න බැහෙනේ. උනුත් ඉන්න එපායේ. ඒ හින්දනේ මේ වගේ අදහස් එලියට එන්නේ. (බ)
සංජය කියන දෙය තේරුම් ගන්න වත් බැරිද. රජු ඒකාධිපති නම් ඔහු නීතියෙන් හෝ කැරැල්ලකින් හෝ ඉවත් කළාම රට සුවපත් වෙන්න ඕන නේද. ඇමරිකාව ඇතුළු යුරෝපිය රටවල් කළ සටනේ ප්‍රතිපල ඉරාකයේ හෝ ලිබියාවේ හෝ ඒ දෙය වුනාද. තියන නිදහසත් නැති කරගෙන අද ඒ රටේ ජනතාව විඳින්නේ මොන තරම් බියකරු කරුමයක්ද. (බ)
ත්‍රස්තවාදය ඇතිවුණේ කොහොමද, එය ඇතිකළේ කවුද, ඒවාට උඩගෙඩි දෙන්නේ කවුද, එවැනි දේවල් වෙනම විමර්ශනය විය යුතු සංකීර්ණ ක්‍රියාවලියකි. මම නම් කියන්නේ කවුරු මොනවා කිවුවත් ඇමරිකාව ලෝකයේ පොලිස්කාරයා බවයි. ලොවේ ත්‍රස්තවාදය තුරන් කිරීමට ඔවුන් කරන්නේ මහත් කැපවීමකි. ඇමරිකාව නැත්නම් සදාම් හුසේන් වැනි ඒකාධිපතියන් අවට කුඩා රාජ්‍යන් අල්ලාගෙන බොහෝ කලක් ගත වී ඇති. (නි)
උපාලි, ඔබ හරියටම හරි (නි)
කාන්ත්, හරියටම හරි. කරුණාකර කියන්න පුලුවන්ද ඇමරිකාව මොන රටේද ත්‍රස්තවාදය නැතිකළේ කියලා (නි)
සිරියානු හමුදාව ත්‍රස්තවාදීන්ට පමණක් නොවේ සිරියාවේ ඒකාධිපථි අසාද්ට විරුද්ධ හැම පාර්ෂවයකටම පහරදෙනවා.. බටහිර ඔවුන් සමග එකතු නොවන්නේ එ්කයි (බ)
ඉන්දික, ඔබ හරි. සිරියා ජනාධිපති 2011 තනතුර හැරගියා නම් සිරියාවේ තත්ත්වය මේ තරම් නරක වෙන්නේ නැහැ (නි)
උපාලි, පොඩ්ඩක් ලෝකය ගැන ඉංග්‍රීසියෙන් තිබෙන පොතපොතක් කියවන්න. සදාම්, ගඩාෆි වගේ අයගේ කෲරකම් හා ඒ රටවල මිනිස්සු ඔවුන්ට විරුද්ධව කැරලි ගැහුවේ ඇයි කියන එක එතකොට තේරෙයි.. ඇමරිකන් විරෝධයක් තිබුණාට තමන් බුද්ධිමතෙක් වෙන්නෙ නැහැ (නි)
උපාලි, කාන්ත් හරියටම හරි. ගොඩ දෙනෙකුට ඕක තේරෙන්නේ නැහැ (නි)
මොන භාෂාවකින් ලියවුණත් සත්‍ය එකමය. ඇමෙරිකන් ගැත්තෙක් වීමම බුද්ධිමතෙක් වීමට ඇතියැයි සමහරු සිතනවා විය හැක. (නි)
ඔය කිව්වේ කට්ටිය හරියටම. කවදාවත් ඔයාලා හිතන විදිහට වෙන්නේ නැහැ. ඇමෙරිකාවෙන් ඔය විදියට අරාජික කළ රටවල් තමා ඉරාකය, ලිබියාව. කෝ දැන් ඒවාට හරි ගිහින්ද ..??? නැහැනේ, අසාද්ගේ දැඩි පාලනය නිසා තමයි රුසියාවේ උදව්වෙන් සිරියාව ඔහොමහරි රැකිලා තියෙන්නේ තනි රටක් වශයෙන්. (නි)