ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර සිදුවුණු පිහි ප්‍රහාරයකින් සහ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 6 කි.
පිහි ප්‍රහාරය සහ වෙඩි තැබීම කළ තැනැත්තා පොලිසිය විසින් අල්ලා ගනු ලැබූ බව පසුව වාර්තා විය. ඔහු පහර දී ඇත්තේ ලාස් වේගාස් නගරයේ වීදි සැරිසරමින් සිටි නගර වැසියන් සහ සංචාරකයන්ට බව පොලිසිය කියයි.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරුණු අතර ඔවුන්ගෙන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd