ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පිට්ස්බර්ග් නගරයේ සංචාරය කිරීමට පැය කිහිපයකට පෙර පිට්ස්බර්ග් නගරයේ හිමෙන් වැසුණු පාලමක් කඩා වැටී ඇත.
කඩා වැටෙන අවස්ථාවේ පාලම මත බස් රථයක් ඇතුළුව වාහන හතරක් තිබී ඇත. බස් රථයේ රියදුරු සහ මගීන් දෙදෙනෙකු ඇතුළුව 10 කුට පමණ සුළු තුවාල සිදුවී ඇති අතර කිසිවෙකුටත් මාරාන්තික තුවාල සිදු වී නොමැති බව ගිනි නිවන හමුදාව පවසයි.
පාලමට යටවී පුද්ගලයන් ඇත්දැයි සෙවීමට දැනටමත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත .ඇල්ජිනි ප්‍රාන්තයේ ප්‍රකාශකයෙක් පැවසුවේ සිකුරාදා පෙරවරු 6 ට පමණ ප්‍රාන්ත පොලිසියට පාලමක් කොටසක් කඩා වැටීම ගැන දැනුවත් කිරීමක් ලැබුණු බවයි.
මෙම කඩා වැටීම නිසා ගෑස් නලයකටද හානි සිදු වී ඇති අතර එම ගෑස් නලය තාවකාලිකව වසා ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd