IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දැඩි සීත කාලගුණයක්

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවලට බලපා ඇති මාරාන්තික සීත කාලගුණ තත්ත්වය නිසා මිලියන දස දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඇතැම් ප්‍රාන්ත ඇන්ටාක්ටිකාවටත් වඩා සීතල යැයි ද එම පුවත් සේවා වාර්තා කර ඇත. මෙම මාරාන්තික සීත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගු-වන් ගොඩ බැස්සවීමට ද බාධා එල්ල වී තිබෙන අතර ඇතැම් ප්‍රාන්තවල පාසල් වසා දැමීමට සිදුව ඇත. කලකට පසු ඇමෙරිකානු කලාපයට බලපෑ දරුණුම සීත කාලගුණ තත්ත්වය මෙය යැයි පැවසෙන අතර ඒ හේතුවෙන් ප්‍රාන්ත රැසක දෛනික වැඩ කටයුතු රැසක් අඩපණ වී තිබේ. 

මෙම අධික සීත කාලගුණ තත්ත්වය හේතුවෙන් ශරීර උෂ්ණත්වය අස්වාභාවික ලෙස අඩු වීමේ අවදානමක් ද හටගෙන තිබේ. එයින් පරෙස්සම් වන්නැයි බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත. 

ඇමෙරිකා පුවත් සේවාවලට අනුව මෙම දරුණු සීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට අට දෙනකුට ජීවිත අහිමි වී තිබේ.  එසේ වුවත් මියගිය ගණන 21ක් යැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 32ක් දක්වා අඩු වී ඇතැයි ද වාර්තා විය. මෙම දැඩි සීත කාලගුණ තත්ත්වය හේතුවෙන් නයගරා දිය ඇල්ල මිදීමට ලක්ව ඇත. දිය ඇල්ලෙන් කඩා හැලෙන ජල දහරාව මිදී අයිස් බවට පත්ව තිබෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.  

ඇමෙරිකාවට බලපා තිබෙන මෙම අහිතකර සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් චිකාගෝ නුවර ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක පමණක් ගුවන් ගමන් 1,800කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබේ. මේ තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට වී සිටින ලෙස බලධාරීන් මහජනතාවට උපදෙස් දී තිබේ.  ඇමෙරිකාවට බලපා තිබෙන මෙම අහිතකර සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් චිකාගෝ නුවර ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක පමණක් ගුවන් ගමන් 1,800කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබේ. 

මේ තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට වී සිටින ලෙස බලධාරීන් මහජනතාවට උපදෙස් දී තිබේ.  ඉලිනොයිස්, මිචිගන් සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල පාසල්, විශ්ව විද්‍යාල සහ රජයේ ආයතන රැසක් වසා දැමීමටත් තැපැල් සේවා කටයුතු නවතා දැමීමටත් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබූ අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබිණි. 

 

ඒ.එෆ්.පී./රොයිටර් සහ ඬේලිමේල් ඇසුරිනි

055



අදහස් (0)

ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දැඩි සීත කාලගුණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 782 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site