පානීය ජලයේ අඩංගු විෂ රසායන වර්ග සීමාකිරීම සම්බන්ධයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී නිවේදනයක් නිකුත් කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂක නියෝජිතායතනය පවසයි.
අක්මාව සහ තෛයිරොයිඩ් ග්‍රන්ථිවලට හානිදායක, පිළිකාරෝග කාරකයක් වන ‘පී එෆ් ඒ එස්’ අම්ලය වැනි රසායනික ද්‍රව්‍ය රැසක් සීමා කිරීමේ සැලසුමක් පිළිබඳව එම නිවේදනයේ ඇතුළත් වේ.
‘පී එෆ් ඕ ඒ’ සහ ‘පී එෆ් ඕ එස්’ යන රසායනික ද්‍රව්‍ය ඇලුමිනියම් බඳුන්වල සහ පැල්ලම් නොරඳන බුමුතුරුණු ආදී කෘතිම නිෂ්පාදනවල අඩංගුවේ.
ඇමෙරිකා එක්සත් ජනපදය පුරා පවතින පානීය ජල නල පද්ධති පරීක්ෂා කරන බවද, 2012 වසරේදී කළ පරීක්ෂණයෙන් අනාවරණය වූ රසායනික මට්ටමට වඩා 2019දී පානීය ජලයේ ඇති රසායනික මට්ටම් අවම වී ඇද්දැයි සොයාබලන බවද ඔවුහු පවසති.
එම රසායනික ද්‍රව්‍යවල අන්තරාදායක තත්ත්වය පරිසර ආරක්ෂක නියෝජිතායතනය මගින් අනුමත කරන ලද සීමාවට වඩා 7 සිට 10 දක්වා ප්‍රමාණයක්වත් අඩු විය යුතු බව එරට සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ නියෝජිතායතනය පසුගිය වසරේදී දළ වාර්ථාවක් ඉදිරිපත් කරමින් පැවසුවේය.
ජනපති ට්‍රම්ප් මහතාගේ පාලක මණ්ඩලය පසුගිය වසරේදී පෙර අධ්‍යයන වාර්ථාව ප්‍රකාශයට පත්කිරීම නවතා දමන ලදී.
රොයිටර්ස් (වොෂින්ටන්) ඇසුරිනි
(16844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව වගේ වැඩකරන්න අපේ දේශපාලකයන්ට බුද්ධියක් හෝ හැකියාවක් නැහැ. ඒ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ රටට ආදරේ සංවර බුද්ධිමතුන්... මෙහෙ ගැන කියා වැඩක්ම නැහැ. බොහෝ මිනිසුනුත් එහෙමයි. ජාල මුලාශ්‍ර වනසනවා. අැලදොළ, ගංගා ආදියට කුණු හා අපද්‍රව්‍ය බැහැර කරනවා. පාරවල් වල,පොදු තැන්වල ආදී බොහෝ තැන්වල කුණු කසල පිරිලා. අපට කල්පයක් ගියත් ඒ මට්ටමට ඒමේ හැකියාවක් නැහැ.