
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැබීය.
ඉංග්‍රීසි ඇමෙරිකාවේ නිල භාෂාව මෙන්ම රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ අරමුණ වන්නේ, සන්නිවේදන විධිමත් කිරීම, ජාතික වටිනාකමක් එක් කිරීම සහ කාර්යක්ෂම සමාජයක් ගොඩ නැංවීම යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
මේ වනවිටත් ඇමෙරිකාවේ ජනපද 30 කට වැඩි ගණනක නිල භාෂාව ලෙස පිළිගැනෙන්නේ ද ඉංග්‍රීසිය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්පාඤ්ඤ භාෂාව කතා කරන්නන්ට කරන බලවත් පහරක්... 56 දි සිංහළ රාජ්‍ය බස කිරිම කෙළවර වුයේ රටට සිදු වු තිස් අවුරැදු විනාශයකින්...
එදා සහ අද, බොහෝ දුක්ඛිත සිංහල නායකයින් සහ සමහර ජෙවිපි/ යුඑන්පි ශෝචනීය ව්‍යාජ දේශප්‍රේමීන් ඒ කාලයේ බණ්ඩාරනායක විසින් සිංහල පමණක් පනත හඳුන්වාදීම විවේචනය කළහ. ලංකාවේ ජනගහනය 75% ක් වූ විට, නිවැරදි මනසක් ඇති කිසිවෙකු ඉංග්‍රීසි නිල භාෂාව බවට පත් කිරීමට යෝජනා කරයිද? ලොව පුරා අධ්‍යාපනඥයා එම උපභාෂාව මව් බසින් ඉගෙන ගන්නේ නම් සාර්ථක වන බව පිළිගත්තේය.
ඇමරිකාවේ 22% ස්පාඤ්ඤ කතා කරන අය ඉන්නේ (මෙක්සිකෝවේ කොටස් ඇමරිකාව ආක්‍රමණ කරන්න කලින් ඇමරිකාවේ දකුණු ප්‍රදේශ ෆ්ලොරිඩාව ඇතුළත්ව ස්පාඤ්ඤය මිනිස්සු හිටිය ප්‍රදේශ) සමහර විට ලංකාවේ බණ්ඩාරනායක (ඇත්තටම බණ්ඩාරනායක පරම්පරාව තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදන් සංක්‍රමණ වු පවුලක්) වගේ රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ආරම්භක පුරුක ට්‍රම්ප් ආරම්භ කරනවා.
අහක යන නයෙක් රෙද්ද අස්සේ දා ගැනීමක්
ට්‍රම්ප්ගේ නිල කාලය ඉවර වෙන්නට පෙර ඇමරිකාව ආයෙත් ඇමෙරිකාවක් කරලා තමයි නතර වෙන්නේ රටට ආදරේ ඇති නායකයෙක්
අපි හිතාගෙන හිටියේ හිබ්රූ කියලා