IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව නිදහස සමරයි

ඇමෙරිකා එක්සත් ජනපද නිදහස් දිනය සමරයි. ජූලි 4 වැනිදා එනම් නිදහස් දිනය සමරද්දී, රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා කොරෝනා එන්නත් ලබා දීමට ජෝ බයිඩන් සැලැසුම් කර තිබුණත් එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇතැයි පැවැසෙයි.

කෙසේ නමුත්, ඇමෙරිකාවේ ජනපද 50 න් ජනපද 20 ක් එම ජනපදවල වැසියන්ගෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දී අවසන් බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසා ඇත. ඇමෙරිකානු වසංගත රෝග පාලය සහ වැළැක්වීමේ ආයතනයට අනුව, මේ වනවිට සමස්තයක් ලෙස එක් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අවුරුදු 18 වැඩි ඇමෙරිකානුවන් ගණන සියයට 67 කි. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ඇමෙරිකානුවන් ගණන සියයට 58.1 කි.

ඇමෙරිකාවේ එන්නත්කරණ කටයුතු ඉතා වේගයෙන් සිදුවන නමුත්, තවමත් ඇමෙරිකානුවෝ බොහෝ දෙනා එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වති.‍ ඔවුන්ගෙන් වැඩි දෙනා කළු ජාතික ඇමෙරිකානුවන්ය. ඔවුන් බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ එන්නත සම්බන්ධයෙන් ඔවුන්ගේ විශ්වාසයක් නැති බවය. නිදහස් දිනය සමරමින් එන්නත් ලබා ලබාදීමේ විවිධ වැඩසටහන් රැසක් ඇමෙරිකාව පුරා ක්‍රියාත්මක කෙරුණි.

'අද ඇමෙරිකානුවන් නිදහස සමරන්නේ වයිරසය පාලනය කර ගැනීමට අපට හැකිවුණු නිසයි. එය කළ හැක්කේ සාර්ථක එන්නත්කරණයක් මගින් පමණයි. මා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට යන්න. එන්නත ලබා ගන්න' යැයි ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින් පැවැසුවේය.

එන්නත් ගැනීමට අවුරුදු 18 වැඩි ඇමෙරිකානුවන් පොළඹවමින් නොමිලේ ක්‍රීඩා තරග සහ සංගීත සංදර්ශන නැරඹීමට ටිකට්පත් සහ කඩචෝරු බෙදා දීම, ගුවන් ටිකට්පත් නොමිලේ දීම, බියර් සහ මර්ජුවානා බෙදා දීම ඇතුළු වැඩසටහන් රැසක් නිදහස් දිනය දා ඇමෙරිකාවේ ප්‍රාන්ත මට්ටමින් ක්‍රියාත්මක විය.

වයිරස ව්‍යාප්තිය පාලනය වූ බොහෝ නගරවල නිදහස් දින සැමරුම් උත්සව සහ මල්වෙඩි සංදර්ශන පැවැත් වුණු අතර, සමාජ දුරස්ථභාවය හැකිතාක් රැක ගනිමින් විනෝද වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති බයිඩන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවුවත්, තවමත් කොරේනා ආසාදිතයන් අතින් සහ මරණ අතින් ඉදිරියෙන් පසුවන්නේ ඇමෙරිකාවය. මේ වනවිට ඇමෙරිකාවේ 'ඩෙල්ටා' විකෘතිය ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට නම් දිගටම සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නැයි ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකාව නිදහස සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site