රුසියාවේ සේවයේ නියුතු ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකු එරටින් පිටුවහල් කිරීමට රුසියාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ ඇමෙරිකාව සිදු කළ එවැනිම ක්‍රියාවකට ප්‍රතිචාර ලෙසයි.
මසකට පෙර ඇමෙරිකාවේ සේවයේ නියුතු රුසියා නිලධාරීන් දෙදෙනෙක් පිටුවහල් ඇමෙරිකාවෙන් පිටුවහල් කරනු ලැබූහ. රුසියාවේ දී පොලිස් නිලධාරියකු විසින් ඇමෙරිකා නිලධාරියකුට පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන ඇමෙරිකාව එය සිදු කළ බව කියති.
රුසියාව විසින් පිටුවහල් කරන ලද නිලධාරීන් දෙදෙනා සී.අයි.ඒ නිලධාරීන් බව සදහන් වේ. එම නිලධාරීන්ගෙන් එක් අයෙකු තානාපති කාර්යාලයේ ප්‍රශ්න ඇති කරගත් අයෙකු බවත් ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයට නොගැලපෙන බවත් එරට නියෝජ්‍ය විදෙස් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ඇමෙරිකාවේ රුසියා විරෝධී ප්‍රතිපත්තිය හකුලා ගත යුතු බව හා තව දුරටත් ඇමෙරිකාව එම ප්‍රතිපත්තියේ සිට ක්‍රියාකරන්නේ නම් ඇමෙරිකාව ගන්නා සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් රුසියාවෙන් බලාපොරොත්තු වන ලෙස ඔහු කියා සිටියේය.
2014 දී යුක්රේනයෙන් ක්‍රිමියානු පෙනිසියුලාව රුසියාවට එක් කරගැනීමෙන් පසුව රුසියාව හා එක්සත් ජනපදය අතර සබඳතා කෙමෙන් දුර්වල වෙන තත්ත්වයක් පෙන්නුම් කරන අතර බටහිර රටවල් විසින් රුසියාවට සම්බාධක ද පැනවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව වගේ රටක් එක්ක ඇමරිකාවට සෙල්ලම් කරන්න අමාරුයි , මට මතකයි එක කලක අපේ තානාපති කාර්යාල නියෝජිතයෙක් ඇමරිකාවෙන් පැයක් තුල එම රටින් පන්නා දැම්මා , එ්කට කිසි ප්‍රතික්‍රියාවක් අපෙන් සිදුවුයේ නැත්තෙ , අපේ දුප්පත් කමයි බියගුළු කමයි , වහල් බවයි නිසා (බ)