
උතුරු කොරියාව ඊයේ (4) සිදුකළ මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ජපාන මුහුද ලෙස ප්‍රසිද්ධ නැගෙනහිර මුහුදට මිසයිල හතරක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව අද (5) ප්‍රකාශ කළේය.
දකුණු කොරියාව සහ ඇමෙරිකාව මිසයිල දෙක බැගින් නැගෙනහිර මුහුදේ පුහුණු ඉලක්ක වලට එල්ල කළ බව දකුණු කොරියානු මාණ්ඩලික ප්‍රධානීහු අද (5) පැවසූහ.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්, උතුරු කොරියාව ඊයේ (4) සිදුකළ මිසයිල අත්හදා බැලීම ”ප්‍රකෝප කිරීමක්” ලෙස හැඳින්වූ අතර එයට ”දැඩි ප්‍රතිචාරයක්” ලබා දෙන බවට පොරොන්දු විය.
අවසන් වරට උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2017 වසරේ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මෙම මිසයිල අත්හදා බැලීම පැහැදිලිවම යුද උණුසුම උත්සන්න කිරීමක් බව ප්‍රකාශ කර ඇත.
දකුණු කොරියාව මිසයිල දෙක ජපාන මුහුදට එල්ල කරන අවස්ථාවේ එක් මිසයිලයක් දියත් කිරීම අසාර් ථක වී ඇති අතර සිද්ධිය සිදු වී පැය 7 කට පසු දකණු කොරියා හමුදාව එක් මිසයිලයක් දියත් කිරීම අසාර් ථක වූ බව පිළිගනිමින් සමාව ඉල්ලා තිබේ කෙසේ වෙතත් එම අනතුරින් ජීවිත හානි සිදු වී නැතැයි දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කර ඇත.
ගන්ග්නංග් නගරයේ ජනතාව පිපිරීමේ හඬට කලබල වීමෙන් පසු සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් දකුණු කොරියානු හමුදාව සමාව අයැද සිටි මුත් ඒ සඳහා පැය 7 ක කාලයක් ගත වී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාව දකුණු කොරියා පිළිතුරු දෙයි