කලින් සිතා සිටියාටත් වඩා ඇමෙරිකා ජාතිය දරුණු ලෙස දෙකට බෙදී ඇතැයි පරාජිත ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු ඇමෙරිකානුවන්ට සාර්ථක ජනපතිවරයකු වනු ඇතැයි අපේක්ෂා කරන බව කී ක්ලින්ටන් ප්‍රතිපලයට ගරු කරන්නැයි සියලු පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කීය.
ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිපලයෙන් පසු නිව්යෝක්හිදී පළමු වරට මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ ඇය කියාසිටින්නී සාමකාමී බල හුවමාරුව සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළම නිධන්ගත වස්තුවක් බවයි.
“මට සමාවෙන්න. මේ ජනාධිපතිවරණයේදී අපේ රට වෙනුවෙන් අප නියෝජනය කළ වටිනාකම් හා දර්ශනය ජයගත්තේ නෑ. අප හිතුවාටත් වඩා අපේ ජාතිය ගැඹුරු ලෙස බෙදී ඇති බව දැන් අපට පෙනෙනවා. මේ කතාව අසන කුඩා දැරිවියන්ට මම කියන්නේ ලොව වටිනා හා බලවත් අවස්ථා සඳහා තමන්ට ඇති සුදුසුකම් ගැන කිසිදු සැකයක් ඇතිකර නොගන්නා හැටියටයි..” ක්ලින්ටන් වැඩිදුරටත් සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම වැඩේ මෙයාට වුණේ. අනේ පව් සමහරු කට අැරගෙන බලා හිටියේ (නි)
මෙයා ඇමෙරිකාවේ ප්‍රශ්න පැත්තක දමල කොටි හිතවදින් සමග ජිනීවා ගොස් අපිට පාඩම් උගන්වන්න අවා, මෙයා අන්තිමට හොඳ පාඩමක් ඉගෙන ගත්ත , දැන් මොලේ අවුල්වෙලා කැලේ ඉබාගාතේ අවිදිනවලු බලු නකුටෙකුත් දම්වැලක් ගැටගහගෙන , මම ඊයේ අන්තර්ජාලයේ මෙයාගේ කැලේ ඇවිදින පින්තුරේ දැක්ක , ලංකාවේ අපිට පාඩුවේ ඉන්න දෙනවනම් ඇමෙරිකාවේ කවුරු රජ වුණත් අපිට ප්‍රශ්නයක් නැත (අ)
ඇමෙරිකාව විතරක් නෙමේ මුළු ලෝකෙම කෑලි වලට කඩන්න බෙදන්න මෙයා සම්බන්දයි . මැද පෙරදිගට ලේ වගුරන්න මේ කාන්තාව කෙලින්ම දායකත්වයක් දීලා තියනවා. ඉරාකය ලිබියාව නායකත්වය පන්නන්න මෙයා සම්බන්ධ වුණා. .ලිබියා ඇමරිකා තානාපති මරුනේ මෙයාගේ වරදින් .එදා ගඩාෆි උන්නා නම් එහෙම වෙන්නේ නෑ. අනික මැද පෙරදිග ආණ්ඩු වලට විරුද්ද අයට නිකම් ආයුධ දීලා අනිත් පැත්තෙන් වක්‍රව ආයුධ විකුණා ගන්නවා . මේ ආයුධ ගන්නෙත් ඒවගෙන් මැරෙන්නෙත් අහිංසක මුස්ලිම් වැසියන් . ඒ අය අතර ගැටුම් මවලා.මේ දේවල් වලට මේ මුස්ලිම් අය අහු වෙලා. ට්‍රම්ප් ජාතිවාදී වුණත් ඔහු කවදාවත් සාමකාමී රටවල් වලට අත නොදැමිය යුතුයි කියන තැන ඉන්න අතරම ඇමරිකාව දීයුනු කල යුතුයි තැන ඉන්නවා . ඔහු කියලා තියනවා නේ සදාම් හුසේන් .ගඩාෆි නරක නෑ කියලා . නමුත් මිලේජ්ජ්ය ත්‍රස්තවාදයට නම් ඔහු අභියෝගයක් .මෙතැන තියන ගැටලුව මුස්ලිම් ජාතිකයන් මේ දේ තේරුම් නොගනීම .(අ)
ඕක පිටපස්සේ ඉන්නේ ආයුද විකුණන උදවිය. බෙදීමක් නැතිනම් ඒගොල්ලන්ට අදායමක් නැහැ.. හිලරිට වැඩියම උදවු කලේ යුද උපකරණ ගන්න කට්ටි හා විකුණන කට්ටි. අපේ එල්.ටී.ටී.ඊ වගේ කට්ටිය. එල්.ටී.ටී.ඊ මෙහෙ වගේම අනිකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් වලටත් ආයුද විකුණුව ප්‍රවාහනය කලා. (අ)
මේ ධර්මද්වීපයට වින කරන හැමෝටම එම කොඩිවිනය අපහු කැරකිල්ල එනවා හිලරි අක්කේ හොඳම උදාහරණ ඉන්දිරා ගාන්ධි , රජීව් ගාන්ධි , ප්‍රබාකරන් ප්‍රමුඛ කොටි නඩය, ජය ලලිතා (බ)
නිකන් පච නොකිය ඉන්ඩ හිලරි අක්කේ .ලංකාවේ එහෙම වුණත් ඇමරිකාවේ එහෙම වෙන්නේ නෑ. "හිලරි සමග නැගිටිමු " (අ)
ගහට ගිය මිහිහටත් කියන්න දෙයක් තිබුනලු ....(බ)
මෙහෙනම් එහෙමයි.... ඔහෙත් එහෙමද? (නි)
ඇමරිකාව දෙකට බෙදන්න දෙන්නෙක් දායවුණා. එක්කෙනක් ට්‍රම්ප්. අනික් එක්කෙනා හිලරි. නමුත් දැන් එයා සුදනා වගේ (නි)