
ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා නුවර සිදුවුණු ගුවන් අනතුරකින් කුඩා දරුවකු, එම දරුවාගේ මව, සය තවත් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අනතුරට ලක් වුණු මෙම කුඩා ගුවන් යානය, ගිලන් රථ ගුවන් යානයකි. දරුවා දැඩි ලෙස රෝගීවී සිටි අයකු බවත්, ඔහුට කඩිනමින් ප්‍රතිකාර ලබා දී ඔහුත්, ඔහුගේ මවත් රැගෙන යානය පියාසර කරමින් තිබුණි. යානයේ සිටි සෙසු පිරිස වෛද්‍ය ආධාරකරුවන්ය.
යානය හිටිහැටියේ උඩු ගුවනේ පුපුරා ගිය බව පැවැසෙයි. සුන්බුන් පිලිඩෙල්පියා නුවර නිවාස කීපයක් මතට පතිත විය. කෙසේ නමුත් එයින් කිසිවකුටවත් අනතුරක් සිදුවූයේ නැත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd