බීජිංහිදීය (රොයිටර්)
දුරකතන හා විදුලි සංදේශ, තාක්ෂණ යන ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් චීන ආනයන මත තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 60කට චීන ආනයන මත එම බදු පැනවෙනු ඇතැයි පැවසේ. චීනයේ කාර්මික අංශයේ නිමුවැම මේ වසර ආරම්භයේදී අපේක්ෂා කළ වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය විය.
ඇමෙරිකා ජනාධිපතිවරයා මෙලෙස බදු පැනවීමට සූදානම් වුවද ලෝක ආර්ථිකයේ ප්‍රධානතම උපායමාර්ගික වර්ධක ධාවකයා සහ තාක්ෂණය වන චීනය එම බදු පැනවීම් හමුවේ වුවද ඉදිරියට යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
චීනයේ කාර්මික ක්ෂේත්‍රය බොහෝ දෙනා අවධානය යොමු කර ඇති ක්ෂේත්‍රයකි. ඇමෙරිකා ජනාධිපතිවරයා ආනයනික බදු පැනවීමට යන්නේ ද එම ක්ෂේත්‍රයට. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ආර්ථික වර්ධනයක් සඳහා චීනය එරට කාර්මික ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබේ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නිදහස් වෙළඳ ප්‍රතිපත්තියෙ හෙළුව.
ඇමෙරිකාවේ නිෂ්පාදන ආරක්‍ෂා කරගෙන සමතුලනයක් ලබාගැනීමට වෙන්න ඇති.................
ඇමරිකාවට තමන්ගේ රට චීන ආර්ථික ආක්‍රමණයෙන් ආරක්ශා කරගන්න පූර්ණ අයිතිය තියෙනවා.. ඇයි ඔයාට අවුල්ද