IMG-LOGO

ඇමෙරිකාව ගෝලීය වෙළෙඳ නීති කඩකරලා

ඇමෙරිකා එක්සත් ජනපදය, චීනයට සම්බාධක පනවමින් ගෝලීය වෙළෙඳ නීති කඩ කර ඇතැයි ලෝක වෙළෙඳ සංවිධානය සඳහන් කරයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සමඟ වෙළෙඳ යුද්ධයක් ආරම්භ කරමින් චීනයට සම්බාධක පැනවූ අතර ඉන් පසු දෙරට එකිනෙකාට එරෙහිව සම්බාධක පනවා ගත්තේ ය.

ඒ අතරවාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඩොලර් බිලියන ගණනින් චීනයට සම්බාධක පනවා ඇති අතර එහිදි ලෝක වෙළෙඳ සංවිධානයේ, ගෝලීය වෙළෙඳ නීති කඩ කර ඇතැයි එම සංවිධානය සඳහන් කරයි. ලෝක වෙළෙඳ සංවිධානයේ මෙම අනාවරණය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය කෝප ගෙන ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 200කට වැඩි වටිනාකමක් සහිත චීන භාණ්ඩ මත සම්බාධක පැනවූයේ මීට වසර දෙකකට පෙර ට්‍රම්ප් පරිපාලනයට ඊට පිළිතුරු දෙමින් පැවැසීය. චීනය බුද්ධිමය දේපළ මංකොල්ලයක නිරත වී සිටි බැවින් එසේ සම්බාධක පැනවූයේ යැයි ද සිය ක්‍රියාමාර්ග සාධාරණීයකරණය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. එසේ බුද්ධිමය දේපළ මංකොල්ලකමින් ඇමෙරිකානු සමාගම්වල භාවිත කෙරෙන තාක්ෂණය චීන වෙළෙඳපොළවලට ප්‍රවේශ කරගැනීම සඳහා චීනය එම සමාගම්වලට බලපෑම් කළ බව ද ඇමෙරිකාව චෝදනා කරයි.

කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය චීනයට පමණක් තීරුබදු පනවමින් සහ එක්සත් ජනපදය මීට පෙර එකඟතාව පළ කළ අනුපාතවලට ඉහත අගයක තීරුබදු පනවමින් ඇමෙරිකා එක්සත් ජනපදය අදාළ නීති කඩ කර ඇතැයි ලෝක වෙළෙඳ සංවිධානය පෙන්වාදෙයි. ලෝක වෙළෙඳ සංවිධානයේ විශේෂඥ සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් විසින් වාර්තාවක් නිකුත් කරමින් එම අනාවරණය සිදු කරනු ලැබ ඇත. එපමණක් නොව අදාළ තීරුබදු පැනවූයේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කර නැතැයි ද එම කමිටුව පෙන්වා දී ඇත.

‘‘ට්‍රම්ප් පරිපාලනය අවුරුදු හතරක් තිස්සේ කියන දේ මේ කමිටුවෙන් තහවුරු වී තිබෙනවා. චීනයේ හානිකර තාක්ෂණික පිළිවෙත් නැවැත්වීමට ලෝක වෙළෙඳ සංවිධානය ප්‍රමාණවත් නැහැ’’ යැයි අදාළ කමිටු වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත රොබට් ලයිට්තයිසර් පැවැසීය.

බහුපාර්ශවීය වෙළෙඳ ක්‍රමවේදයට සහාය දෙන බවත් ලෝක වෙළෙඳ සංවිධානයේ නීති සහ එහි නියෝගවලට ගරු කරන බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් චීනයේ වාණිජ අමාත්‍යාංශය සඳහන් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය ද එසේ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද චීන වාණිජ අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

රොයිටර්

055



අදහස් (0)

ඇමෙරිකාව ගෝලීය වෙළෙඳ නීති කඩකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site