ළදරුවන්ගේ ස්නායු පද්ධතියේ වර්ධනය අඩාල කරන සිකා වෛරසය ඇමරිනාව පුරාම පැතිරීමේ අවදානම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට උතුරු සහ දකුණු ඇමරිකාවේ රටවල් 21ක වෛරස ආසාදන තත්වයන් වාර්ථා වී ඇත.

මෙම රෝගී තත්වයට තවමත් එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගෙන නැත. ගර්භනී මවකට වෛරසය ආසාදනය වීමෙන් දරුවාට රෝගී තත්වය ඇතිවේ. මද උණ, හිස කැක්කුම සහ සන්ධි වේදනා රෝග ලක්ෂණ වේ.

මෙම භයානක වෛරසය පැතිරීම වැලැක්වීමට සමහර රටවල් මවුවරුන්ට ගර්භනී නොවන ලෙස උපදෙස් දී ඇතැයි වාර්ථා වේ.