IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇමරිකාවේ ගැබිනි මව්වරුන්ට අවදානමක්

ළදරුවන්ගේ ස්නායු පද්ධතියේ වර්ධනය අඩාල කරන සිකා වෛරසය ඇමරිනාව පුරාම පැතිරීමේ අවදානම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට උතුරු සහ දකුණු ඇමරිකාවේ රටවල් 21ක වෛරස ආසාදන තත්වයන් වාර්ථා වී ඇත.

මෙම රෝගී තත්වයට තවමත් එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගෙන නැත. ගර්භනී මවකට වෛරසය ආසාදනය වීමෙන් දරුවාට රෝගී තත්වය ඇතිවේ. මද උණ, හිස කැක්කුම සහ සන්ධි වේදනා රෝග ලක්ෂණ වේ.

මෙම භයානක වෛරසය පැතිරීම වැලැක්වීමට සමහර රටවල් මවුවරුන්ට ගර්භනී නොවන ලෙස උපදෙස් දී ඇතැයි වාර්ථා වේ.

 



අදහස් (0)

ඇමරිකාවේ ගැබිනි මව්වරුන්ට අවදානමක්

නිශාර්ඩ් Wednesday, 27 January 2016 04:12 AM

අපව දැනුවත් කිරීම ගැන විජිත් ඔබට මගේ ප්‍රණාමය. (බ)

:       0       0

දම්මි Wednesday, 27 January 2016 08:58 AM

යෝසේමනිසිකරය දියුණු කල කෙනා ප්‍රශ්නය විනිවිද දකී, පැහැදිලි තොරතුරු සම්පාදනය කරයි. ස්තූති ඔබට. (කෞ)

:       0       0

විජිත් Tuesday, 26 January 2016 11:26 AM

සිකා යන වදනේ උගන්ඩා තේරුම " අධි වර්ධනයයි ". මේ සිකා වෛරසය 1947 දී මුලින්ම සොයාගත්තේ උගන්ඩාවේ " සිකා වනාන්තරයේ " සිටි " රීසස් මැකක් " කියන වඳුරු විශේෂයකගේ රුධිරයේ තිබියි.ඊට පස්සේ 1968 දී නයිජීරියාවේදී පළමුවරට මනුෂ්‍ය රුධිරයේ තිබී සොයාගත්තා. දහවල් සැරිසරන මදුරු විශේෂ කිහිපයකින් පැතිරෙන මේ වෛරසය ,ඉන් පසු ක්‍රමයෙන් අප්‍රිකාව හරහා විත් දකුණු ඇමෙරිකාව පුරාම පැතිර ගියා.ඒ විතරක් නොවෙයි වියට්නාමය පැත්තටත් අපේ අසල්වැසි ඉන්දියාව දක්වාත් පැතිරුනා.මේ රෝගයේ ලක්ෂණ සාමාන්‍ය උන, ශරීරයේ ඇතිවන පැල්ලම්,ඇස් රතුවීම,කලාන්තය, ආදිය වන අතර ටික දිනකින් රෝග ලක්ෂණ පහව යයි. රෝගීන් 5 දෙනෙකුගෙන් එක රෝගියෙකුට පමණක් ටිකක් අමාරුවන බව ගණන්බලා ඇති මේ රෝගයේ භයානක බව බලපාන්නේ මීළඟ උපදින්නට සිටින පරම්පරාවටය.මේ වෛරසය ලිංගිකව සම්ප්රෙෂනයවන බව 2009 දී සොයාගත්තා. ඒ බ්‍රයන් ෆෝයි කියන විද්‍යාඥයා නිසා.මදුරුවන් දෂ්ටකිරිමන් රෝගය ශරීර ගතවුන ඔහුගෙන් " අනාරක්ෂිත ලිංගික එක්වීම " නිසා ඔහුගේ බිරිඳට වැළඳුනා. මදුරුවෙකුගෙන් පැතිරෙන‍ෛරසයක් ලිංගිකව තවත් මිනිස් සිරුරකට සම්ප්‍රේෂණය කල පළමුවැන්නා ලෙස බ්‍රයන් ෆෝයි ඉතිහාසයට එක්වුණා. පසුගිය වසරේ ( 2015 ) දී සොයාගත්තා මේ සිකා වෛසයේ ඇති ආර්.එන්.ඒ ( සත්ව සිරුරුවල ඇති ඩී.එන් .ඒ මෙන් ඇති ප්‍රවේනික අනු විශේෂයක්.)වෛරසය නිසා ආසාධිත මවගේ, ගර්භාශයේ වැඩෙන දරුවා ගිලිසිටින " ගර්භාශ වතුරේ " තිබී.ආසාධිත මවකගෙන් දරුවාට මේ වයිරසය සම්ප්‍රේෂණය වී දරුවා " මයික්‍රෝ සෙෆාලි " නමින් හැඳින්වෙන අසමානය තත්වයකට පත්කරයි. ඒ දරුවාගේ හිසේ වැඩිම ටිකෙන් ටික නතරවන අතර මුහුණේ වර්ධනය සාමාන්‍ය තත්වයට පත්කරයි.කුඩා හිසක් සහිත විශාල මුහුණක් ඇතිව හැදෙන මේ දරුවා, සම රැලිවැටී, කුරු සිරුරකට හිමිකම් කියයි.එමන්ම මානසික වර්ධනයද පමාවේ. 2016 මේ ලියන මොහොත වනතුරු මේ රෝගය පිලිබඳ 100% සම්පුර්ණ විස්තරයක් සොයාගෙන නැහැ.නමුත් හෙට දවසේ, එහෙම නැතිනම් ඉතාම මෑතකදී සතුටුදායක සොයා ගැනීමකින් මේ සිකා වෛරසය විනාශ කරන ආකාරය ලෝකයට කියාදේවි. ඒ දවස එනතෙක් අපි දෑස් දල්වා බලාගෙන ඉමු. (අ)

:       0       0

ලියනගේ Tuesday, 26 January 2016 04:39 PM

ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබට ගොඩාක් තුති .....විජිත් මහතාණෙනි (බ)

:       0       0

විජිත් Wednesday, 27 January 2016 09:11 AM

ලියනගේ,නිශාර්ඩ්,සුමිත්,සමීර, ඇතුළු සැමටම ස්තුතියි.ආයෙත් දවසක අපිට අපිව හමුවේවි. (බ)

:       0       0

සුමිත් Wednesday, 27 January 2016 05:53 AM

ගොඩක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට විජිත මහතාණෙනි (ම)

:       0       0

සමීර Wednesday, 27 January 2016 06:18 AM

ගොඩක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 538 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1691 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site