IMG-LOGO

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා වෙයි

ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා විය. 

ඇමෙරිකාවේ තීරණය ආරක්ෂක කවුන්සිලයේ යෝජනා සහ නිර්දේශ ‘බරපතළ ලෙස උල්ලංඝනය’ කිරීමක් යැයි ආරක්ෂක කවුන්සිලයට ලිපියක් යොමු කරමින් සිරියාව සඳහන් කළේය. “ගෝලාන් කඳුකරය නැවත අත්පත් කරගැනීමේ සිරියානු ආණ්ඩුවේ සහ එරට ජනතාවගේ අරගලයට උපරිම සහාය දෙන බව” සිරියාවේ මිත්‍ර රටක් වන උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

ඊශ්‍රායලය 1967 වසරේ පැවැති මැද පෙරදිග යුද්ධයේදී ගෝලාන් කඳුකරය අල්ලා ගත් අතර 1981 දී තම ග්‍රහණයට නතු කරගත්තේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඊශ්‍රායලයේ එම ක්‍රියාව “ශූන්‍ය සහ හිස (බලරහිත) සහ කිසිදු ජාත්‍යන්තර නෛතික බලපෑමකින්” තොර ක්‍රියාවක් ලෙස නම් කළේය. 

ඇමෙරිකාව ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමෙන් ඇමෙරිකාව 1981 යෝජනාව උල්ලංඝනය කර ඇතැයි ආරක්සක කවුන්සිලයේදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය තානාපතිනි කැරන් පියර්ස් කීවාය. ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ යෝජනා උල්ලංඝනය කර ඇතැයි මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ අස්ථාවරභාවයක් ඇතිවිය හැකි යැයි ද ආරක්ෂක කවුන්සිලයේ සිය අදහස් පළ කරමින් එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජ්‍ය තානාපතිනි ව්ලැදිමීර් සැෆ්රොන්කොව් අනතුරු ඇඟවීය. 

ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමත් නීතිවිරෝධී ලෙස ගෝලාන් කඳුකරය ග්‍රහණය කරගැනීම සාධාරණීය කිරීමත් යන කරුණු නිසා දරුණු ප්‍රතිවිපාක විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයට දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යුරෝපීය සාමාජිකයන් වන ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, බෙල්ජියම සහ පෝලන්තය යන රටවල් සිය සැලකිල්ල යොමු කළේය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකාවේ සංචාරය යෙදුණු අතර ඔහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගනිමින් ගිවිසුමකට අත්සන් තැබූහ. 

සිරියානු දූත පිරිස එවන ලිපිය නින්දාශීලි සහ නුරුස්සනා එකක් බව එක්සත් ජාතීන්ගේ ජර්මානු තානාපති ක්‍රිස්ටෝෆ් හයස්ගන් පැවැසීය. 

“පසුගිය වසර අටක කාලයේදී සිරියානු ආණ්ඩුව බරපතළ ලෙස ජාත්‍යන්තර නීති කඩකළා, යුද්ධයේ නීති කඩකළා. ඔවුන්ට එරෙහිව යුද අපරාධ තිබෙනවා. ඔවුන්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධ චෝදනා තිබෙනවා” යැයි සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම කීය.  

ඇමෙරිකාව ගන්නා ලද තීරණය අවිනිශ්චිත බව ඉවත් කරමින් ඊශ්‍රායල-පලස්තීන අර්බුදය විසඳීමට උපකාරී වන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කීය.

ඇමෙරිකාවේ තීරණය සෞදි අරාබිය, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, කටාරය, බහ්රේන් සහ කුවෙට් යන මැදපෙරදිග රටවල විවේචනයට ලක්වූ අතර තවත් මැදපෙරදිග රටක් වන ඉරානය එහිදි ඇමෙරිකාවට දොස් කීය. 

රොයිටර් ඇසුරිනි

055

 



අදහස් (0)

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1441 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site