ඇමරිකාවට අයත් ප්‍රබල ප්‍රහාරක ජෙට් යානා හතරක් ඊයේ දකුණු කොරියාවට ඉහල අහසේ ඉතා පහතින් පියාසර කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. එෆ්-22 රැප්ටර් වර්ගයේ යානා ගමන අවසානයේ දකුණු කොරියාවේ ඕෂන් ගුවන් කඳවුර වෙත ගොඩබස්වා ඇත.
කොරියානු අර්ධද්වීපය තුළ නොසන්සුන්තාව වැඩිකිරීමට හේතු වූ උතුරු කොරියානු ක්‍රියාකාරකම් සම්බන්ධව විරුද්ධ පාර්ශවයන් තුළ ඇති අකමැත්ත ප්‍රකාශ කිරීම මෙහි අරමුණ බව දකුණු කොරියානු බලධාරීන් පවසයි.
ජනවාරි මාසයේදී උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලීම සිදුකළ අතර සති දෙකකට පෙර සිදුකළ චන්ද්‍රිකා ගුවන්ගත කිරීම සම්බන්ධවද උතුරු කොරියාවට විවිධ විවේචන එල්ල වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙක් දියුණුවෙන්න හරි ඇමෙරිකාවේ හරි උඩින් යන්න ගියොත් ඉරිසියාවේ පැලෙනවා. මුන් කාටත් ලෝකේ ඉන්න දෙන්නේ නෑ (බ)
එයාලා ගොඩක් බය වෙන්න ඇති. (ර)