
ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව සූදානම් වෙනවා යැයි රුසියාව චෝදනා කරයි.
රුසියාව, මෙසේ චෝදනා කළේ, ඉන්දියාවේ නවදිල්ලියේ ආගමික නිදහස උල්ලංඝනය වෙනවා යැයි ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් ඉන්දීය රජය විවේචනය කිරීමත් සමඟය.
රුසියන් රජය වෙනුවෙන් මෙසේ චෝදනාව කර ඇත්තේ එරට විදේශ අමත්‍යාංශයයි. රුසියන් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මරීයා සකරෝවා පෙන්වා දී ඇත්තේ, ඉන්දියාවේ හින්දු වැසියන්ගේ ජාතිකවාදී මානසිනත්වය සහ ඉන්දියාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඇමෙරිකාවට කිසිදු අවබෝධයක් නැති බවත්, ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම ආගමික නිදහස සම්බන්ධයෙන් ඇමෙරිකන් රජයට පදනම් විරහිතව චෝදනා එල්ල කරන බවත්ය.
ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. එය අදියර හතකින් පැවැත්වෙයි. මැතිවරණය අවසන් වන්නේත් ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේත් එලැඹෙන ජූනි මාසයේය. මැතිවරණය ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේය.
අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදී පක්ෂයක් වන අතර, ඔවුන් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ හන්දු වැසියන්ගේ ජාතිකවාදී හැඟීම් ඉස්මතු කරමින් යැයි විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය ද චෝදනා නගා ඇත.
මැතිවරණය පැවැත්වෙන අතරතුරේ, ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විවේචනය කිරීම, ඉන්දියාව අස්ථාවර කිරීමට හේතුවක් යැයි රුසියාව චෝදනා කර ඇත්තේ මේ නිසාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
මේ බයිඩන් ගොයියා නම් ලෝකය නැතිකරන්න ආපු සාපයක්...
අපොයි අපට පූටින් කියන කතා අහලා දෙපැත්තෙන්ම හිනා යනවා !!! පුටින් උන්මත්තකයා අස්ථාවර කරපු රටවල් ගැන මෝදි කාලය නාස්ති කරන්නේ නෑ. ඉන්දියාව අස්ථාවර වෙනවා කියා පූටින් කාරයා බය වෙන්නේ, යුක්රේන ආක්‍රමණය නිසා රුසියාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පනවා තිබෙන සම්බාධක කඩමින්, හොරෙන් ඉන්දියාව හරහා ලෝක වෙළඳ පළට අලෙවි කරන ඉන්ධන, ගෑස් අලෙවියට කෙල වෙනවාට බයවෙලා මිස ඉන්දියාවට "ලව්" නිසා නොවෙයි..
කවුරුද මේ සූකරයා මැව්වෙ...
මේ ඔබ දකින්නේ සැබෑ මිතුදමක් ද?