ඇෆ්ගනිස්ථානයේ දකුණු කොටසේ  හෙල්මන්ඩ් පළාතේ පිහිටි ප්‍රධාන හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ  ස්ථානගත කර තිබු ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා සේනාංකත් ඒවාට අයත්  ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා සඳුදා  ඉවත් කර ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ තිබු විශාලම ජාත්‍යන්තර  යුධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ මෙකී හමුදා කඳවුර  තලෙයිබාන් ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට විශාල ලෙස දායක වී ඇත. ජාත්‍යන්තර යුද කඳවුර ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කෙරුණේ නැවත නැගී සිටින  තලිබාන් සටන් කාමින් සමග සටන් කිරීමට ඇෆ්ගන් හමුදා නේටෝව විසින් මැතකදි පුහුණු කිරීමෙන් අනතුරුවය.

මෙලෙස ඉවත්කැර ඇත්තේ සමුද්‍රීය එම්.එම්.එච්. 366 හැමර්හෙඩ්ස් හෙලිකොප්ටර් බලඝනය 2011 දී ඉරාකයේ සටන් වදිමින් සිට එරටින් ද ඉවත් කැරිණි.

නේටෝව විසින් විවිධ ජාතීන් 50 කින් හෙබි 140,000 ක යුධ හමුදා සාමාජිකයන් පිරිසක් හෙල්මන්ඩ් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ 2010 සිට ස්ථාපිත කර තිබිණි.

ජනවාරි 01 වෙනිදා තෙක් ඇෆ්ගනිස්ථානයේ විදේශිය හමුදා සාමාජිකයන් රැඳි සිටින්නේ 12,500 ක් වන අතර එයින් 9,800 ක් ඇමෙරිකා ජාතිකයෝය. එම හමුදා කණ්ඩායම් හමුදාවට උපදෙස් දීම හා ඔවුන් පුහුණු කිරීම සිදුකරයි.