IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වෙයි

ඇෆ්ගනිස්ථානයේ දකුණු කොටසේ  හෙල්මන්ඩ් පළාතේ පිහිටි ප්‍රධාන හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ  ස්ථානගත කර තිබු ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා සේනාංකත් ඒවාට අයත්  ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා සඳුදා  ඉවත් කර ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ තිබු විශාලම ජාත්‍යන්තර  යුධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ මෙකී හමුදා කඳවුර  තලෙයිබාන් ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට විශාල ලෙස දායක වී ඇත. ජාත්‍යන්තර යුද කඳවුර ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කෙරුණේ නැවත නැගී සිටින  තලිබාන් සටන් කාමින් සමග සටන් කිරීමට ඇෆ්ගන් හමුදා නේටෝව විසින් මැතකදි පුහුණු කිරීමෙන් අනතුරුවය.

මෙලෙස ඉවත්කැර ඇත්තේ සමුද්‍රීය එම්.එම්.එච්. 366 හැමර්හෙඩ්ස් හෙලිකොප්ටර් බලඝනය 2011 දී ඉරාකයේ සටන් වදිමින් සිට එරටින් ද ඉවත් කැරිණි.

නේටෝව විසින් විවිධ ජාතීන් 50 කින් හෙබි 140,000 ක යුධ හමුදා සාමාජිකයන් පිරිසක් හෙල්මන්ඩ් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ 2010 සිට ස්ථාපිත කර තිබිණි.

ජනවාරි 01 වෙනිදා තෙක් ඇෆ්ගනිස්ථානයේ විදේශිය හමුදා සාමාජිකයන් රැඳි සිටින්නේ 12,500 ක් වන අතර එයින් 9,800 ක් ඇමෙරිකා ජාතිකයෝය. එම හමුදා කණ්ඩායම් හමුදාවට උපදෙස් දීම හා ඔවුන් පුහුණු කිරීම සිදුකරයි.



අදහස් (0)

ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වෙයි

චන්ද්‍රා Tuesday, 28 October 2014 06:44 PM

මෙපමණ කාලයක් ඇමරිකාව සහ බටහිර රටවල් ඇෆ්ගනිස්ථානයේ සිට කළ දෙයක් තිබේද? අහිංසක වැසියන්, කුඩා ළමයින්, අහිංසකයින් ද්‍රෝන් ප්‍රහාර වලින් මැරුවා මිසක , කළ තොවිලයකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ වගේ තමයි (නි)

:       0       0

ධම්ම Thursday, 30 October 2014 11:09 AM

මේවාට කියන්නේ පරිප්පු කනවා කියලා. රුසියාව අවුරුදු දහයක් මේ පරිප්පුව කාලා බැරි තැන අතහැරලා දාලා ගියා. තලේබාන්වරු අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැහැ. ඔවුන් සටන් කරන්නේ ඔවුන්ගේ රට වෙනුවෙනුයි. (නි)

:       0       0

උපාලි Wednesday, 29 October 2014 05:03 AM

තලේබාන් වගේ පිරිසකට මුහුණ දෙන්න කවුරුහරි ඉන්න ඕනෑ තමයි. (නි)

:       0       0

ධම්ම Tuesday, 28 October 2014 04:30 AM

"ගිනිගෙඩිය නෙටෝවට දී ඇමෙරිකාව මාරු" කියලා මේ ප්‍රවෘත්තියට ශීර්ෂ පාඨය දැම්මා නම් තමා හොඳ. (ස)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 08:00 AM

එදාපාර මේ මොන හෙන ගෙඩියක්ද දන්නේ නැහැ නේද?((හේ)

:       0       0

රෝයි Tuesday, 28 October 2014 05:46 PM

මෙම සංග්‍රාමය පිළිබඳ ධම්මගේ දැනීම අඩුබව සනාථ වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site