IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇමෙරිකාව ඇපල් වර්ජනයකට සැරැසේ?

සැන් බර්නිනාඩෝ ඝාතකයාගේ ඇපල් අයිෆෝන් දුරකථනයයේ තොරතුරු අනවසරයෙන් ලබා ගැනීමට  උපකාර කරන තෙක් ඇපල් සමාගම වර්ජනය කළ යුතු බව එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක   ඩොනල්ඩ් ට්රම්ප් ප්‍රකාශ කියා ඇතැයි බි බි සිය වාර්තා කරයි.

ඔහුගේ ට්විටර් ගිණුමේද ඒ බව සදහන් කර තිබේ.

සැකකරුගේ ඇපල්  දුරකථනයකට අනවසරෙන් ඇතුළු වීමට උදව් කරන ලෙස අධිකරණයෙන් දුන් නියෝගයක් සම්බන්ධව අධිකරණ දෙපාර්තමේන්තුව සමග ගැටුම් ඇති වී තිබේ.  

ඇමෙරිකා අධිකාරණයේ ඉල්ලීම ඇපල් සමාගම ප්‍රතික්ෂේප කළේය. ඔවුන් කීවේ පාරිභෝගිකයාවේ විශ්වාසය පළුදු වීමට ඉඩ නොතබන බවයි.

මෙම ඇපල් දුරකථනය පහුගිය දෙසැම්බරයේ සැන් බර්නිනාඩාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කරන ලද ත්‍රස්ත්වදියෙකුගේ ය.

ප්‍රචාරක රැලියක් අමතමින් ට්‍රම්ප්ගේ   පැවසුවේ ඇපල් සමගම ඒ තොරතුරු ලබා දෙන තෙක් එම ජංගම දුරකථන වර්ජනය කල යුතු බවයි.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටීම් කුක් ගේ ප්‍රකාශය සමග නැවත මෝසමක් මගින් නඩු විභාගය මාර්තු මස 22 කැලිෆෝනියා අධිකරණදී කැඳවීමට නියමිතය.



අදහස් (0)

ඇමෙරිකාව ඇපල් වර්ජනයකට සැරැසේ?

ගයාන් Saturday, 20 February 2016 10:21 AM

ඇත්තටම මොකටද ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ආරක්ෂා කරන්නේ? නිකන් සැක කරනවා නෙමෙයිනේ. ඔප්පු වෙලත් තියෙද්දී? ඇපල් අයට ඕනෑ ත්‍රස්තවාදීන්ට ඇපල් විකුණන්නද? (නි)

:       0       0

දම්මි Saturday, 20 February 2016 01:03 PM

අපිත් ඇපල් ගන්නෙ නැහැ (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Saturday, 20 February 2016 02:49 PM

ලෝකයම අන්දන්නද මන්දා හදන්නේ? (නි)

:       0       0

කුමාර දහනායක Sunday, 21 February 2016 12:03 PM

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු රජයකට ලබාදීම වරදක් නොවේ .එසේම මේ ටෙලිෆෝනය අයිති පුද්ගලයා සැක කරුවකු නොවේ . අමෙරිකානු සමාගම් වලට ත්‍රස්තවාදයේ බයානක කම පෙනෙන්නේ නැත .මේ කටයුත්තේදී අප ඇමෙරිකානු රජයට අපේ සහය ප්‍රකාශ කරමු .ත්‍රස්තවාදීන් ගේ තොරතුරු සොයාදීමට සහය නොදෙන අපල ෆෝන් ප්‍රතික්ෂේප කරමු. (ර)

:       0       0

ශ්‍රීමාල් Sunday, 21 February 2016 01:15 AM

හරියට අපේ රටේ වගේමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site