
ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ ඔවුන්ට හිතවත් රටවල් හවුල් කර ගනිමින්, ආසියානු කලාපය සඳහා ‘නේටෝ’ වැනි යුද සන්ධානයක් නිර්මාණය කිරීමට සූදානම් වෙනවා යැයි උතුරු කොරියාව චෝදනා කරයි.
ඇමෙරිකාව මෙම ‘ආසියානු නේටෝ’ සංවිධානය නිර්මාණය කරන්නේ උතුරු කොරියාවට එරෙහිව බවත්, ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය උතුරු කොරියාවට ඔවුන්ගේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම අණුවන ක්‍රියාවක් බවත්, උතුරු කොරියානු විදේශ කටයුතු අමත්‍යාංශය පැහැදිලි කර තිබේ.
‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය යුද සන්ධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී, ‘නේටෝ’ සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd