ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද(20) රාත්‍රී 10.30ට දිවුරුම් දීමට නියමිතය.
නොවැම්බර් 8 වැනි දා පැවැති ජනපතිවරණයෙන් කොට්ඨාස 538 කින් 306 ක් ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් මහතා සමත් වූ අතර ඇමරිකාවේ 45 වැනි ජනපතිවරයා ලෙස ඔහු දිවුරුම් දීමට නියමිතය.
ඇමෙරිකාවේ බිලියනපති ව්‍යාපාරිකයකු වන ට්‍රම්ප් මහතා 1946 ජූනි 14 වැනිදා නිව්යෝක් නුවර ක්වීන්ස් හිදී උපත ලැබීය.
මේ වනවිට 70 වැනි වියේ පසුවෙන ඒ මහතා පස් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි වැඩිමහල් දරුවා ය. මෙලනි ට්‍රම්ප් ඔහුගේ බිරිඳ වන අතර ඔහුට දරුවෝ පස් දෙනෙක් හා මුනුපුරු මිනිපිරියෝ අට දෙනෙක් සිටිති.
1968 දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධිය හදැරූ ට්‍රම්ප් මහතා 1971දී තම පවුලේ ව්‍යාපාර වලට සම්බන්ධ වූවේය.
ට්‍රම්ප් ව්‍යාපාරයේ සභාපති ලෙස 1973 දී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මැන්හැටන් හි ‘ට්‍රම්ප් ටවර් ‘ වෙළඳ සංකීර්ණය නිර්මාණය කළේය. ලොව පුරා ගෝල්ෆ් ක්‍රීඩා පිටි 18 ක් පමණ ඔහු සතුව පවතී. ෆෝබ්ස් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ඔහු බිලියනපති ව්‍යාපාරිකයන් අතරින් ලොව 324 වැනියා ය. ඔහු එන්බීසී රූපවාහිනීයේ විධායක නිෂ්පාදකවරයෙකු ලෙසද කලක් සේවය කළේය.
ඔහු 2000 වසරේ රිෆෝම්ස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස අයැදුම් කළ අතර පක්ෂයේ මත ගැටුම් හේතුවෙන් ජනපති තරඟයෙන් ඉවත් විය.ඔහු 2012 ජනාධිපතිවරණයටද තරඟ කිරීමට සුදානමින් සිටියද ඉන් ඉවත් වීමට පසුව තීරණය කළේය. ට්‍රම්ප් මහතා 2016 ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ කරන බව 2015 ජූනි මාසයේදී නිවේදනය කළේය.
2016 ජනපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් 17 දෙනකු ඉදිරිපත් වූ අතර සුළු කාලයකදී එම 17 දෙනා අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට ට්‍රම්ප් මහතාට හැකි විය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයින් බොහෝ දෙනා තම මැතිවරණ ව්‍යාපාර අතරමගදී අත්හැර දැමු අතර 2016 මැයි මාසයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ට්‍රම්ප් මහතා සමත් වූවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් මහත්තයට ජයවේවා! (නි)
ට්‍රම්ප් මහත්තයට ජයවේවා! (බ)
ට්‍රම්ප් මහතාට ජය වේවා! (නි)
ඇමරිකානු අවසානයේ ආරම්භයද? (නි)
මෙතුමා ඉතිහාසගත නායකයෙක් වෙයි (නි)