IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවේ 45 වැනි ජනපති අද දිවුරුම් දෙයි

ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද(20) රාත්‍රී 10.30ට දිවුරුම් දීමට නියමිතය.

නොවැම්බර් 8 වැනි දා පැවැති ජනපතිවරණයෙන් කොට්ඨාස 538 කින් 306 ක් ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් මහතා සමත් වූ අතර ඇමරිකාවේ 45 වැනි ජනපතිවරයා ලෙස ඔහු දිවුරුම් දීමට නියමිතය.
ඇමෙරිකාවේ බිලියනපති ව්‍යාපාරිකයකු වන ට්‍රම්ප් මහතා 1946 ජූනි 14 වැනිදා නිව්යෝක් නුවර ක්වීන්ස් හිදී උපත ලැබීය.


මේ වනවිට 70 වැනි වියේ පසුවෙන ඒ මහතා පස් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි වැඩිමහල් දරුවා ය. මෙලනි ට්‍රම්ප් ඔහුගේ බිරිඳ වන අතර ඔහුට දරුවෝ පස් දෙනෙක් හා මුනුපුරු මිනිපිරියෝ අට දෙනෙක් සිටිති.


1968 දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධිය හදැරූ ට්‍රම්ප් මහතා 1971දී තම පවුලේ ව්‍යාපාර වලට සම්බන්ධ වූවේය.


ට්‍රම්ප් ව්‍යාපාරයේ සභාපති ලෙස 1973 දී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මැන්හැටන් හි ‘ට්‍රම්ප් ටවර් ‘ වෙළඳ සංකීර්ණය නිර්මාණය කළේය. ලොව පුරා ගෝල්ෆ් ක්‍රීඩා පිටි 18 ක් පමණ ඔහු සතුව පවතී. ෆෝබ්ස් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ඔහු බිලියනපති ව්‍යාපාරිකයන් අතරින් ලොව 324 වැනියා ය. ඔහු එන්බීසී රූපවාහිනීයේ විධායක නිෂ්පාදකවරයෙකු ලෙසද කලක් සේවය කළේය.  


ඔහු 2000 වසරේ රිෆෝම්ස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස අයැදුම් කළ අතර පක්ෂයේ මත ගැටුම් හේතුවෙන් ජනපති තරඟයෙන් ඉවත් විය.ඔහු 2012 ජනාධිපතිවරණයටද තරඟ කිරීමට සුදානමින් සිටියද ඉන් ඉවත් වීමට පසුව තීරණය කළේය. ට්‍රම්ප් මහතා 2016 ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ කරන බව 2015 ජූනි මාසයේදී නිවේදනය කළේය.


2016 ජනපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් 17 දෙනකු ඉදිරිපත් වූ අතර සුළු කාලයකදී එම 17 දෙනා අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට ට්‍රම්ප් මහතාට හැකි විය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයින් බොහෝ දෙනා තම මැතිවරණ ව්‍යාපාර අතරමගදී අත්හැර දැමු අතර 2016 මැයි මාසයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ට්‍රම්ප් මහතා සමත් වූවේය.

 



අදහස් (0)

ඇමරිකාවේ 45 වැනි ජනපති අද දිවුරුම් දෙයි

ලාල් Friday, 20 January 2017 01:49 PM

ට්‍රම්ප් මහත්තයට ජයවේවා! (නි)

:       0       0

කුමාර් Tuesday, 24 January 2017 06:52 AM

ට්‍රම්ප් මහත්තයට ජයවේවා! (බ)

:       0       0

සජී Saturday, 21 January 2017 02:15 AM

ට්‍රම්ප් මහතාට ජය වේවා! (නි)

:       0       0

උපුල් Monday, 23 January 2017 05:07 AM

ඇමරිකානු අවසානයේ ආරම්භයද? (නි)

:       0       0

නිම්මි Friday, 20 January 2017 12:12 PM

මෙතුමා ඉතිහාසගත නායකයෙක් වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site