ඇමෙරිකානු හා උතුරු කොරියානු බලධාරීන් අතර ස්වීඩනයේ පැවැත්වුණු න්‍යෂ්ටික අවි සම්බන්ධ සාකච්ඡා බිඳවැටී ඇතැයි වාර්තා වේ.
පසුගිය පෙබරවාරි මාසයේදී දෙරටේ නායකයින් අතර වියට්නාමයේ දී පැවති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් විය.
නැවත සාකච්ඡා අරම්භ කිරීම සම්බන්දව ජුනි මාසයේදි ගිවිස ගත් අතර එයින් පසු ඇතිවූ ප්‍රථම සාකච්ඡා වටය මෙසේ ස්වීඩනයේදී ආරම්භ විය.
ඇමෙරිකාවේ නෙනැමෙන සුළු දැඩි ප්‍රතිපත්ති හේතුවෙන් සාකච්ඡා බිඳවැටුණු බව එයට සහභාගී වූ උතුරු කොරියානු බලධාරීන් පවසා ඇත.
ස්ටොක්හෝම් නුවරින් පිටත ස්ථානයක සාකච්ඡා පැවැත්වී ඇති අතර පැය අට හමාරක් පමණ සාකච්ඡාව පැවති බව සඳහන් වේ.
කෙසේවුවද සති දෙකකින් පමණ පසු නැවත සාකච්ඡා ආරම්භ කිරීම සඳහා උතුරු කොරියාව හා ඇමරිකාව එකඟ කරවා ගැනීමට ස්වීඩන් බලධාරීන් සමත්වී ඇතැයි ද පැවසේ.
(බීබීසී ඇසුරිණි -085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවා මෑන්ස් පහුගිය ටිකේ ලොකු ටෝක් දානකොට... හදන්න ඇති ගුග්ලියක් දාලා වීරයා වෙන්න. අපේ මාලිට හරි, මුරලිට හරි කීවා නම් වැඩේ ගොඩින් බේරිලා...