දකුණු කොරියානු දේශසීමා හරහා උතුරු කොරියාවට ඇතුළු වුණු ඇමෙරිකන් සොල්දාදුවකු උතුරු කොරියානු හමුදාව අත්අඩංගුවට පත්විය.
උතුරු කොරියා අත්ඩඅංගුවට පත්වූයේ ඇමෙරිකන් සෙබළ ටේරවිස් කිංග් බව ඇමෙරිකන් හමුදාව පවසා ඇත. උතුරු කොරියානු හමුදාව විසින් ටේරවිස් කිංග් අත්අඩංගුවට ගනු ලැබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද තහවුරු කර ඇත.
කිංග් ඇමෙරිකන් හමුදාවට එක් වී ඇත්තේ 2021 ජනවාරියේය. දකුණු කොරියාව සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව, ඇමෙරිකන් හමුදා කඳවුරු දකුණු කොරියාවේ පිහිටුවා ඇත. කිංග් දකුණු කොරියාවේ ඇමෙරිකන් හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරි කළ අයෙකි.
තවත් සොල්දාදුවකුට පහර දුන්නේ යැයි කිංග්ට චෝදනා එල්ල වී තිබුණු බවත්, ඔහු දින 50 ක් දකුණු කොරියාවේ හමුදා රැඳවුම් කඳවුරක සිටි බවත් පැවැසෙයි. කිංග් සිවිල් වැසියකු ලෙස දේශසීමා හරහා උතුරු කොරියාවට ලොස් ඇත්තේ රැඳවුම් කඳවුරෙන් නිදහස ලැබීමෙන් පසුවය.
උතුරු කොරියානු රජය ද පවසා ඇත්තේ ඇමෙරිකන් සොල්දාදුවා සිය කැමැත්තෙන් දේශසීමා හරහා පැමිණි අයකු බවය. තමන් ටේරවිස් කිංග් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව ඇමෙරිකන් හමුදාව අවධාරණය කර ඇත. කිංග් හමුදාවෙන් පලා ගිය අයකු ලෙස සලකන බව ද ඇමෙරිකන් හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.
මේ අතර ඇමෙරිකානු නාවික හමුදාවට අයත් න්‍යෂ්ටික බලැති සබ්මැරීනයක් දකුණු කොරියාවේ බුසාන් නුවර වරායට සේන්දු විය. සබ්මැරීනය දිගුදුර බැලැස්ටික් මිසයිලවලින් සන්නද්ධය. මෙවැනි සබ්මැරීනයක්, මෙසේ දකුණු කොරියාවට පැමිණියේ දශක ගණනකට පසුවය.
සබ්මැරීනය දකුණු කොරියාවට පැමිණීම සම්බන්ධයෙන් උතුරු කොරියාව දැඩි විරෝධය ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් පළ කර තිබේ. ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් විරෝධය පළ කරමින් තම මිසයිල ශක්තිය පෙන්වමින්, ඕනෑම විදියක යුද ශීර්ෂයක් සවි කළ හැකි උතුරු කොරියාව දිගුදුර බැලැස්ටික් මිසයිලයක් ද අත්හදා බැලුවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් සොල්දාදුවෙක් උතුරු කොරියාවට පැනලා