ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාවට තර්ජනයක් වේවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, මෙම වාර්තාවට සතස් කර ඇත්තේ ඇමෙරිකා සහ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් සාමාජික රටවල බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය.
බටහිර හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය සැණින්, තලේබාන් සංවිධානයට අමතරව, අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ද ඇෆ්ගනිස්තානයේ සිය ආධිපත්‍ය පතුරුවනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
ඇමෙරිකා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ රැදී සිටින්නේ ඇෆ්ගන් රජයට සහ හමුදාවට සහාය දක්වන උපදේශකවරුන් සහ පුහුණුකරුවන් ලෙසය.
ඉන්දීය උප මහද්වීපයේ ක්‍රියාත්මක, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සාමාජිකයන් පමණක් නොව, පාකිස්තාන, ඉන්දීය, බංග්ලාදේශ සහ මියන්මාර මුස්ලිම් අන්තවාදීන් ද එක්වී සිටින බව එම වාර්තාවේ සඳහන් වෙයි.
ඇෆ්ගනිස්තානයේ කන්දහාර්, හෙල්මද්, නිම්රූස් යන ඇෆ්ගන් ප්‍රාන්තවල ඉන්දීය උප මහද්වීපයේ අල් කයිඩා සංවිධානය ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.
අල් කයිඩා ප්‍රධාන සංවිධානයේ නායක අයිමාන් අල් සවාරී සහ සෙසු නායකයන් සැඟවී සිටින්නේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ යැයි ඇමෙරිකන් බුද්ධි අංශ මේ වනවිටත් සනාථ කර තිබේ.
ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය සැණින්, අල් කයිඩා සංවිධානය ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවා ගැනීම සිදු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
පෙෂවෝර්හිදීය (ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd