ඇමෙරිකන් රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අත්‍යාවශ්‍ය නොවන සේවා අද (01) සිට වසා දැමීම සිදුවිය.

එසේ වූයේ, සෙනෙට් සභාවට, මෙම සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය අරමුදල් ලබා දීමේ කෙටි කාලීන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට නොහැකි වුණු බැවිනි.

රිපබ්ලිකන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අතරේ අරමුදල් සම්පාදනය සම්බන්ධයෙන් මත ගැටුමක් නිර්මාණය වීම හේතුවෙන්, මෙසේ අරමුදල් ලබා ගැනීම ගැටලුවක් වූ බව ද පැවැසෙයි.

මෙය සැලකෙන්නේ ඇමෙරිකන් ‘ගවන්මන්ට් ෂට්ඩවුන්’ (රජය අකර්මණ්‍යවීම) යනුවෙනි.