ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මහතා රාජ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්කර ඇත.
රාජ්‍ය ලේකම් තනතුරට ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ (CIA) අධ්‍යක්ෂක මයික් පෙම්පෝ පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
'' C.I.A. අධ්‍යක්ෂ මයික් පෙම්පෝ අපේ නව රාජ්‍ය ලේකම් ඔහු ඉතා හොද රාජකාරියක් කරනු ඇති. ස්තූතියි රෙක්ස් ටිලර්සන් ඔබ ලබාදුන් සේවාව වෙනුවෙන් " යනුවෙන් ට්‍රම්ප් ට්වීටර් පණිවිඩයක් මගින් කියාසිටී.
මේ අතර C.I.A නියෝජ්‍ය අධ්‍යක්ෂ ගීනා හෙප්සල් නව සි.අයි.ඒ. අධ්‍යක්ෂ බවට පත්කර ඇති බව ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.
(255)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd