IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමෙරිකානු රාජ්‍ය ලේකම්-මෝදි අතර හමුවක්

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙමින් අද (26) වෙළෙඳාම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

පසුගිය සමයේදී ඇමෙරිකාව සහ ඉන්දියාව අතර සබඳතා පළුදු වූ අතර දෙරට අතර සබඳතා නැවත යථා තත්ත්වයට පත් කරගැනීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු වී තිබේ.

මයික් පොම්පෙඕ මහතා ඉන්දියාවට පැමිණීමට පෙර ඇමෙරිකාව ඉන්දියාවට ලබාදී විශේෂ වෙළෙඳ ප්‍රතිලාභ රැසක් ඉවත් කිරීමට පියවර ගත් අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉන්දියාව ඇමෙරිකානු නිෂ්පාදන 28ක් සඳහා තීරු බදු පැනවීය.

නවදිල්ලි අගනුවර අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර කිසිදු පාර්ශවයක් මේ වනතක් සාකච්ඡාවල නිල විස්තරයක් ප්‍රකාශයට පත් නොවීය.

ඉන්දියාව රුසියාව සහ ඉරානය සමඟ ද සමීප සබඳතා පවත්වන අතර එය ඇමෙරිකාවේ නොසතුටට හේතු වී තිබේ. ඇමෙරිකාව ඉරානය සහ රුසියාව යන රටවල් දෙකට ද සම්බාධක පනවා ඇත.

ඇමෙරිකාවෙන් එල්ල වී තිබෙන පීඩනය නිසා ඉන්දියාව ඉරානයෙන් ඉන්ධන මිලදී ගැනීම නවතා දමා තිබේ. ඉන්දියාව පසුගිය වසරේදී රුසියාවෙන් එස් 400 මිසයිල පද්ධතියක් මිලදී ගත් අතර තවදුරටත් එම මිසයිල පද්ධති මිලදී ගැනීම නැවැත්වීමට ද ඇමෙරිකාව මැදිහත් වී සිටී. ඉන්දීය සංචාරයෙන් අනතුරුව මයික් පොම්පෙඕ මහතා ජී-20 සමුළුවට සහභාගී වීම සඳහා ජපානයට යෑමට නියමිතය.  

(රොයිටර් ඇසුරිනි )



අදහස් (1)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්-මෝදි අතර හමුවක්

rasika Wednesday, 26 June 2019 03:49 PM

ඇමෙරිකාව , ඉන්දියාව, චීනේ ඔක්කොටම ඕනේ ලංකාව පාලනේ කරන්න. ඉන්දියාව , මේවෙනකම් අමෙරිකාවත් එක්ක කරපු ගනුදෙනුවලින් දිනලා තියෙන්නේ.. ඔවුන් ඇමෙරිකාව එක්ක වෙළද ගනුදෙනු කරට, යුද මිලට ගන්නේ රුසියාවෙන්, තෙල් ගන්නේ ඉරානෙන්. ඒත් ඇමෙරිකාවට තාම බැරි උනා ඉන්දියාවට හරියට බලපෑම් කරන්න. ඒ අතින් ඉන්දියාව සියලු ගිවිසුම් ගහන්නේ ඔවුන්ට වාසි වෙන විදියට. එකට ලංකාවේ පාලකයෝ, ඉල්ලනකන් ඉන්නේ රට සල්ලි හොයන්න පුළුවන් ඒව ඔක්කොම විකුණලා කොමිස් එකක් ගහගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site