ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙමින් අද (26) වෙළෙඳාම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
පසුගිය සමයේදී ඇමෙරිකාව සහ ඉන්දියාව අතර සබඳතා පළුදු වූ අතර දෙරට අතර සබඳතා නැවත යථා තත්ත්වයට පත් කරගැනීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු වී තිබේ.
මයික් පොම්පෙඕ මහතා ඉන්දියාවට පැමිණීමට පෙර ඇමෙරිකාව ඉන්දියාවට ලබාදී විශේෂ වෙළෙඳ ප්‍රතිලාභ රැසක් ඉවත් කිරීමට පියවර ගත් අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉන්දියාව ඇමෙරිකානු නිෂ්පාදන 28ක් සඳහා තීරු බදු පැනවීය.
නවදිල්ලි අගනුවර අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර කිසිදු පාර්ශවයක් මේ වනතක් සාකච්ඡාවල නිල විස්තරයක් ප්‍රකාශයට පත් නොවීය.
ඉන්දියාව රුසියාව සහ ඉරානය සමඟ ද සමීප සබඳතා පවත්වන අතර එය ඇමෙරිකාවේ නොසතුටට හේතු වී තිබේ. ඇමෙරිකාව ඉරානය සහ රුසියාව යන රටවල් දෙකට ද සම්බාධක පනවා ඇත.
ඇමෙරිකාවෙන් එල්ල වී තිබෙන පීඩනය නිසා ඉන්දියාව ඉරානයෙන් ඉන්ධන මිලදී ගැනීම නවතා දමා තිබේ. ඉන්දියාව පසුගිය වසරේදී රුසියාවෙන් එස් 400 මිසයිල පද්ධතියක් මිලදී ගත් අතර තවදුරටත් එම මිසයිල පද්ධති මිලදී ගැනීම නැවැත්වීමට ද ඇමෙරිකාව මැදිහත් වී සිටී. ඉන්දීය සංචාරයෙන් අනතුරුව මයික් පොම්පෙඕ මහතා ජී-20 සමුළුවට සහභාගී වීම සඳහා ජපානයට යෑමට නියමිතය.
(රොයිටර් ඇසුරිනි )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව , ඉන්දියාව, චීනේ ඔක්කොටම ඕනේ ලංකාව පාලනේ කරන්න. ඉන්දියාව , මේවෙනකම් අමෙරිකාවත් එක්ක කරපු ගනුදෙනුවලින් දිනලා තියෙන්නේ.. ඔවුන් ඇමෙරිකාව එක්ක වෙළද ගනුදෙනු කරට, යුද මිලට ගන්නේ රුසියාවෙන්, තෙල් ගන්නේ ඉරානෙන්. ඒත් ඇමෙරිකාවට තාම බැරි උනා ඉන්දියාවට හරියට බලපෑම් කරන්න. ඒ අතින් ඉන්දියාව සියලු ගිවිසුම් ගහන්නේ ඔවුන්ට වාසි වෙන විදියට. එකට ලංකාවේ පාලකයෝ, ඉල්ලනකන් ඉන්නේ රට සල්ලි හොයන්න පුළුවන් ඒව ඔක්කොම විකුණලා කොමිස් එකක් ගහගන්න.