ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ජනවාරි මාසයේදී යුක්රේනයේ සංචාරයක නිරත වීමට නියමිතය.
යුක්රේනයට ද සම්බන්ධ හේතුවක් මුල් කරගනිමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත වී තිබෙන මොහොතක රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළේය.
යුක්රේනයට අමතරව රාජ්‍ය ලේකම්වරයා බෙලරූස්, කසක්ස්තාන්, උස්බෙකිස්තාන් සහ සයිප්‍රසය යන රටවල ද සංචාරය කිරීමට නියමිතය.
මෙම සංචාරයේදී මයික් පොම්පෙඕ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මුණ ගැසීමට ද නියමිත බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝර්ගන් ඕටගස් සඳහන් කළාය.
මේ වසර මුලදී දෙරටේ නායකයන් අතර ඇති වූ මතභේදාත්මක දුරකතන ඇමතුමෙන් පසු යුක්රේනයේ සංචාරයක නිරත වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ද මයික් පොම්පෙඕය.
ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගයට එක් හේතුවක් වූයේ ද ඔහු සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර ඇති වූ එම මතභේදාත්මක දුරකතන ඇමතුමය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජනවාරියේ යුක්රේනයේ සංචාරයක
රවින් Tuesday, 31 December 2019 01:23 AM
තවත් දුසාර පන්දු වාරයක ආරම්භයයි.