
දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අද (27) ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණීමට නියමිතය. බ්ලින්කන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලෙස ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
ඉන්දියාව සමඟ එක් වී, කලාපීය වශයෙන් 'කොවිඩ් 19' වයිරස වසංගතය පිටුදැකීමට කටයුතු කළ යුතු ආකාරය ගැනත්, ආසියානු කලාපයේ හිතුවක්කාර අන්දමින් සිය ආධිපත්‍ය පතුරුවන චීනයට මුහුණ දෙන ආකාරය ගැනත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා, ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් අතරේත් සාකච්ඡා කිරීමට නියමිතය.
ඊට අමතරව, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමෙන් පසු ඇෆ්ගන් රජයට ඉන්දියාවේ සහාය ලබා දීම කෙරෙහි ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගේ අවධානය යොමු වනු ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාශ්මීරය මුල්කොට ගනිමින් මානවහිමිකම් කඩවීම් සිදුවුණු බවට ඉන්දියාවට චෝදනා එල්ල වී ඇති අතර, ඒ ගැන ද ප්‍රශ්න කිරීමට තමන් පසුබට නොවන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව බලා යද්දී පැවැසීය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් හෙට (28) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතය.
ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය නියෝජනය කරමින් ඉන්දියාවට පැමිණෙන බයිඩන් පරිපාලනයට සම්බන්ධ තෙවැනි ඉහළ පෙළ රාජ්‍ය නිලධාරියා බ්ලින්කන්ය.
ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන් රාජකාරි ආරම්භ කළේ පසුගිය ජනවාරියේය.
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ජෝන් කෙරී පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදී ඉන්දියාවේ නිල සංචාරවල නියැලුණාහ. කාලගුණ විපර්යාස පිටුදැකීම සම්බන්ධයෙන් පත් කළ විශේෂ නියෝජිතයා වන්නේ ජෝන් කෙරීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2348
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඉන්දියාවට