
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ආසියානු සංචාරය අතරමග නවතා නැවත රටට පැමිණෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරිදා ජපානයට යන නමුත් මොංගෝලියාවට සහ දකුණු කොරියාවට නොයන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘‘කලින් සැලසුම් කළ පරිදි රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සිය ආසියානු සංචාරය අවසන් කරන්නේ නැහැ. ඔහු නැවත ඇමෙරිකාවට පැමිණෙනවා. මේ සංචාරය වෙනත් දින කිහිපයකට සැලසුම් කරනවා’’ යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඔක්තෝබර් 4 වැනිදා සිට 8 වැනිදා දක්වා මෙම රටවල් ත්‍රිත්වයේ සංචාරය කිරීමට මීට පෙර සැලසුම් කර තිබිණි.
ඒ.එෆ්.පී/රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd