IMG-LOGO

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ආසියානු සංචාරය අතරමග නවතා දමයි

 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ආසියානු සංචාරය අතරමග නවතා නැවත රටට පැමිණෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරිදා ජපානයට යන නමුත් මොංගෝලියාවට සහ දකුණු කොරියාවට නොයන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

‘‘කලින් සැලසුම් කළ පරිදි රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සිය ආසියානු සංචාරය අවසන් කරන්නේ නැහැ. ඔහු නැවත ඇමෙරිකාවට පැමිණෙනවා. මේ සංචාරය වෙනත් දින කිහිපයකට සැලසුම් කරනවා’’ යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඔක්තෝබර් 4 වැනිදා සිට 8 වැනිදා දක්වා මෙම රටවල් ත්‍රිත්වයේ සංචාරය කිරීමට මීට පෙර සැලසුම් කර තිබිණි.

 

ඒ.එෆ්.පී/රොයිටර්

055



අදහස් (0)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ආසියානු සංචාරය අතරමග නවතා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site