IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අගමැති මෝදි හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් පැවැත්විණි.

එම හමුවේදී ඇමෙරිකාව සහ ඉන්දියා අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමට හැකිවුණු බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුව පැවැත් වූ මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

ආසියානු කලාපයේ තම සමීපතම මිතුරා ඉන්දියාව බවත්, ඇමෙරිකාවේ කුමන පක්ෂයක් බලයට පත්වුවත්, ඉන්දියාව සමඟ පවතින යහපත් සබඳතා අඩු නොවන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වෙනුවෙන්, රාජ්‍ය ලේකම් බ්ලින්කන් අග්‍රාමාත්‍ය මෝදි හමුවේ අවධාරණය කළේය.

ඇමෙරිකාවට සෑමවිටම ඉන්දියාවේ සහාය හිමිවන බව ද අග්‍රාමාත්‍ය මෝදි, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට පිළිතුරු දෙමින් පවසා තිබේ.

'කොවිඩ් 19' වයිරසයට එරෙහිව, ඉන්දියාව ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහනට, ඇමෙරිකන් ඩොලර් මිලියන 25 ක මුදල් ආධාර ලබා දෙන බව, රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙමින් පැවැසූ බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකාව මෙම ආධාර මුදල ලබා දෙන්නේ, ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමට, ඉන්දියාවේ එන්නත් නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කිරීමට, කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සහ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය වැසියන් නිවැරදි ලෙස දැනුවත් කිරීමට සහ ඉන්දීය සෞඛ්‍ය නිලධාරීන්ට මනා පුහුණුවක් ලබා දීමේ අරමුණින්ය.

ඇන්තනි බ්ලින්කන් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලෙස ඉන්දියාවට පැමිනි පළමු අවස්ථාව මෙයයි. ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ද හමුවී කලාපීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

කලාපයට තර්ජනයක් වී ඇති චීනයේ හිතුවක්කාරකම් සහ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය පසු ඇෆ්ගනිස්තානයේ අනාගතය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අතරේත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතරේත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අගමැති මෝදි හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site