කිව් නගරය ආසන්නයේදී රුසියානු හමුදා විසින් ඇමරිකානු මාධ්‍යවේදියෙකු ඝාතනය කර ඇතැයි යුක්රේන පොලිසිය පවසයි.
ඝාතනය කර ඇතැයි පැවැසෙන්නේ යුද පිටියේ පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් මාධ්‍යවේදී බ්‍රෙන්ට් රෙනෝඩ් ය. මොහු නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හිටපු වාර්තාකරුවකු ද වෙයි.
රුසියන් හමුදා කීව් අගනුවරට ආසන්න ස්ථානයකදී මොහුට වෙඩි තබා ඇත්තේ ඊයේ (13) යැයි කීව් ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා වාර්තා කර ඇත.
51 හැවිරිදි බ්‍රෙන්ට් රෙනෝඩ්ගේ ඝාතනයට අමතරව තවත් වාර්තාකරුවන් දෙදෙනෙකු රුසියන් ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd