
ඇමෙරිකාවේ ප්‍රධාන පුවත් නාළිකා සියල්ල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැසැසුමට ලක් කර තිබේ.
ඒ, උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර ෂැංග්හායි ආර්ථික සහයෝගීතා සමුළුවේදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණ ගැසීම සම්බන්ධයෙනි.
රුසියන් ජනාධිපති පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර හමුව පැවැත්වූයේ සමුළුවට සමගාමීවය. එ්, දෙරට අතර මිත්‍රත්වය තව තවත් වර්ධනය කර ගනිමිනි.
සාකච්ඡා අතරතුරේ මෝදි රුසියන් ජනාධිපති පුටින්ට දිගින් දිගටම අවධාරණය කරන්න වූයේ යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය වහා අවසන් කරන ලෙසය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මෝදි සෘජුව සිය අප්‍රසාදය පළ කළේය.
ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ පුවත් නාළිකා සියල්ල ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැසැසුමට ලක් කළේ මේ නිසාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd