ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වුණු ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ 75 වැනි සමුළුවේදී, දිගු දුර මිසයිල ජර්මනියට ලබා දීමට ඇමෙරිකාව ගත් තීරණයට රුසියාවේ දැඩි විරෝධය එල්ල වී ඇත.
ඇමෙරිකාව පවසා ඇත්තේ තමන් දිගු දුර ‘ටොමාහෝක්’ වර්ගයේ කෲස් මිසයිල යුරෝපයේ ස්ථානපත කරන්නේ ආරක්ෂිත පියවරක් ලෙස බවය. ජර්මනිය යුරෝපා රාජ්‍යයකි.
ඇමෙරිකාව දිගු දුර මිසයිල ජර්මනියේ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ජර්මන් චාන්සල්වරයා සිය සතුට පළ කර තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමෙරිකාවේ තීරණයට දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර, පුටින් පවසා ඇත්තේ ලෝකය යළිත් වරක් නිරවි යුද්ධයකට යොමු වුණු බවය.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවීමේ අරමුණ රුසියවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත්තේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ඇමෙරිකාවේ පැවැත්වුණු ‘නේටෝ’ මහ සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සහභාගී විය.
සමුළුවේ දී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූයේ රුසියන් යුක්රේන ගැටුම සහ චීනයෙන් එල්ල වන තර්ජන පිළිබඳවය. ඇමෙරිකාව, නෙදර්ලන්තය සහ ජර්මනිය, යුක්රේන ගුවන් හමුදාවට ‘එෆ්16’ ප්‍රහාරක යානා කඩිනමින් ලබා දීමට තීරණය කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති සෙලෙස්කී හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ඇමෙරිකාවෙන් යුක්රේනයට ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට එකඟත්වයක් ඇති කර ගැනුණි. ඒ අනුව ඉදිරියේ දී රුසියන් හමුදා එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ව්‍යර්ථ කිරීමට යුක්රේනයට හැකි වෙයි.
යුක්රේනය අපේක්ෂා කරන අන්දමට, යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීම සිදු නොවන නමුත්, යුක්රේනයට නේටෝ රටවල පූර්ණ සහාය හිමිවනු ඇති බවත් සමුළුවේ දී අවධාරණය කෙරුණි. යුරෝපා රටවල් යූරෝ බිලියන 40 ක ආධාර පැකේජයක් ද යුක්රේනයට ලබා දීමට එකඟ විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් දිගු දුර මිසයිල ජර්මනියට