
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සංචාරය කළේය. ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සංචාරයකට ගිය පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබීම සිදුවන රැඳවුම් මධ්‍යස්ථානවල තොරතුරු සොයා බැලීමට ද ජනාධිපති බයිඩන් අමතක නොකළේය.
ඇමෙරිකන් සංක්‍රමණික නිලධාරීන් හමුවී නීති විරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ද ජනාධිපති බයිඩන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. දේශසීමාවේ කළ සංචාරයෙන් පසු බයිඩන්, මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර බලා ගියේය.
ඒ, මෙක්සිකෝ ජනාධිපති මැනුවෙල් ලෝපේස්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සමඟ පැවැත්වෙන කලාපීය සමළුවට සහභාගී වීම සඳහාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd