ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපානයේ හිරෝෂිමා මුහුදු තීරය ආසන්නයේ දී අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් යානා දෙකක කඩා වැටී ඇති නමුත් තවමත් එය තහවුරු වී නැති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

අනතුර වු ගුවන් යානා දෙකෙහි පුද්ගලයන් 7 දෙනෙකු ගමන් කර ඇති බවත් අනතුරට ලක්ව ගුවන් යානා දෙක සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. 

ජපානයේ සෙවීමේ කණ්ඩායම් විසින් මින් එක් පුද්ගලයකු බේරාගෙන ඇතත් ඉතිරි පුද්ගලයන් හය දෙනා ගැන තොරුතුරු සොයාගත නොහැකි වී ඇත.

(28535)

(බීබිසි ඇසුරෙනි)

අනතුරට පත්වීමට පෙර එම ගුවන් යානා දෙකෙහි ඡායාරූප