නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රුසියාව තුලට රැගෙන ඒමට තැත් කිරීම සම්බන්ධයෙන් වැරදිකාරිය වූ ඇමෙරිකන් කාන්තා බාස්කට් බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකා 31 හැවිරිදි බ්‍රිට්නි ග්‍රිනර් හට වසර 9 මාස 6 ක සිර දඬුවමක් සහ රුසියානු රූබල් මිලියනයක දඩයක් රුසියානු අධිකරණයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියාවේ තහනම් කරන ලද හෑෂ් ඔයිල් කාට්‍රිජ බ්‍රිට්නි ග්‍රිනර් ගමන් මල්ලේ තිබීම නිසා රුසියානු ගුවන් තොටුපොලකදී ඉකුත් පෙබරවාරි 17 වැනිදා රුසියානු බලධාරීන් ඇය අත්අඩංගුවට ගත්තේය.
නඩු විභාගයේදී බ්‍රිට්නි ග්‍රිනර් වරද පිළිගත් අතර හඬා වැටෙමින් ඇය පවසා ඇත්තේ හෑෂ් ඔයිල් කාට්‍රිජ තමන් කලබලයෙන් ගමන් මලු සූදානම් කරගන්නා අවස්ථාවේ අහඹු ලෙස දමා ගත් බවයි.එය තමන් සිතාමතා කල දෙයක් නොවන බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
රුසියාවේදී හෑෂ් ඔයිල් කාට්‍රිජ ළගා තබා ගැනීමේ වරදට දිය හැකි උපරිම දඬුවම අවුරුදු 10 ක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
බ්‍රිට්නි ග්‍රිනර් අයුක්ති සහගත ලෙස සිරගත කර ඇතැයි ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ අතර රුසියානු බලධාරීන් පැවසුවේ නීතිය කාටත් එක හා සමාන බවයි.
ඇනා සොට්නිකෝවා විනිසුරුවරිය බ්‍රිට්නි ග්‍රිනර් දඬුවම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
504
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් ක්‍රීඩිකාව රුසියාවේ හිරේ