IMG-LOGO

ඇමෙරිකානු කොංග්‍රස් සාමාජිකයන්ටත් කොවිඩ්-19 එන්නත

 

 
ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව වන කොංග්‍රසයේ සාමාජිකයන්ට නුදුරේදීම ‘කොවිඩ්-19’ එන්නත ලබාදෙන බව කොංග්‍රසයේ ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය බ්‍රයන් මොනහාන් අද (18) ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට එරට ජනතාවට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙන අතර ඒ අනුව ඇමෙරිකාවේ එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ කොංග්‍රස් සාමාජිකයන්ට එන්නත ලබාදෙනු ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයේ ආරක්ෂක කවුන්සිලය කොංග්‍රසයටත් කොංග්‍රස් සාමාජිකයන්ටත් ලිපියක් ද යවා ඇත.

අදාළ ලිපියට අනුව ආණ්ඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑමේ දීර්ඝකාලීන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් නිශ්චිත ගණනකට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස එන්නත ලබා දේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ බහුතරයේ නායක මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන මිච් මැකොනෙල් සහ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කතානායක සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන නැන්සි පෙලොසි ඉදිරි දින කිහිපයේදී තමන්ට එන්නත ලැබෙන්නේ යැයි වෙන වෙනම නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කළහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලේ සේවය කරන එන්නත අවශ්‍ය යැයි සැලකෙන පිරිසට ද එන්නත ලබාදෙන බව වෛද්‍ය මොනහාන් පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ සතිය මුලදී ඔවුන්ගේ මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අතර ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම මේ වනවිටත් එන්නත් මාත්‍රා මිලියන 2.9ක් රටේ ජනපද සියල්ලටම බෙදා හැර ඇත.

රොයිටර් අනුග්‍රහයෙනි
- 055  

 



අදහස් (0)

ඇමෙරිකානු කොංග්‍රස් සාමාජිකයන්ටත් කොවිඩ්-19 එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site