IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඇමෙරිකානු ආධාර රැගත් ලොරි රථ වෙනිසියුලාවට ළඟාවෙයි

ඇමෙරිකාවෙන් වෙනිසියුලාව වෙත යවන ලද මානුෂීය ආධාර රැගත් ප්‍රථම ලොරි රථ පෙළ කොළොම්බියා දේශසීමාවේ කුකුටා නගරය වෙත ළඟා වී ඇතැයි වාර්තා වේ. 

වෙනිසියුලාවේ යුරේනා නගරයට ඇතුළු වන ස්ථානයේ ඇති ටියෙන්ඩිටාස් පාලම අසල ලොරි රථ නවතා තිබෙන අතර ජනපති මදුරෝට සහාය දක්වන වෙනිසියුලා හමුදාව මාර්ගය අවහිර කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

ආධාර රැගත් රථ වෙනිසියුලාවට ඇතුළුවීම ජනපති නිකොලොස් මදුරෝ විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් මෙලෙස රැඳී සිටීමට සිදුවී ඇතැයි පැවසේ. මෙම ආධාර ලබාගැනීම මගින් තමා බලයෙන් පහකිරීමට ඇමරිකානු හමුදාවට මගපෑදෙනු ඇතැයි ජනපති මදුරෝ මහතා පවසා ඇත.

"කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ, එකම භටයකුටවත් ආක්‍රමණය කරන්න ඉඩ දෙන්නේ නැහැ" යැයි මදුරෝ මහතා පැවසීය.

වෙනිසියුලාවේ තාවකාලික ජනාධිපතිවරයා තමා බව පසුගියදා ප්‍රකාශයට පත් කල විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ආධාර අහිමිවුවහොත් තම රටේ ජනතාව ඉතාමත් අවදානම් තත්ත්වයකට පත්වනු ඇති බවයි.

විපක්ෂ නායකයාට ඇමරිකාව, යුරෝපය හා ලතින් ඇමෙරිකානු රටවල් බොහොමයක් සහාය දක්වන අතර ජනපති මදුරෝට සහාය දක්වන්නේ චීනය හා රුසියාව පමණකි.

වෙනිසියුලාවේ වසර ගනනාවක සිට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මිලියන ගනනක ජනතාව ආහාර හා ඖෂධ නොමැතිව පීඩා විඳිති.

 

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමෙරිකානු ආධාර රැගත් ලොරි රථ වෙනිසියුලාවට ළඟාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1567 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site