IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාට චීනය හා ජපානයෙන් විරෝධයක්

බීජිංහිදීය (ඒ.එෆ්.පී)
 
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආනයනික ඇළුමීනියම් සහ යකඩ මත තීරුබදු පැනවීමට තීරණය කිරීමත් සමඟ එරටට චීනය හා ජපානය ඇතුළු ඔවුන්ගේ ප්‍රධානතම වෙළෙඳ සහකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 

 
විදේශ යකඩ සහ ඇළුමීනියම් මත තීරු බද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් ද කටයුතු කළේය. එයත් සමඟ ආසියානු කලාපයේ දැවැන්ත ආර්ථික හිමි චීනය සහ ජපානය මෙන්ම ඇමෙරිකාවේ අනෙකුත් වෙළෙඳ පාර්ශවකරුවන්ගෙන් ඇමෙරිකාවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මෙයත් සමඟ ගෝලීය ආර්ථික යුද්ධයක් ඇති වීමේ අවදානමක් ද නිර්මාණය වී තිබේ. 
 
ආනයනික යකඩ මත පැනවූ සියයට 25ක තීරුබද්ද සහ ආනයනික ඇළුමීනියම් මත පැනවූ සියයට 10ක තීරුබද්ද ආර්ථික සබඳතාවලට අහිතකර ලෙස බලපානු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීප මිතුරකු මෙන්ම ප්‍රධානතම වෙළෙඳ පාර්ශවකරුවකු වන ජපානය අනතුරු ඇඟවීය. ඇමෙරිකාව ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර ජපානය ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. 
 
තීරුබදු පැනවීමට ඇමෙරිකාව ගත් තීරණය ගෝලීය වෙළෙඳ පද්ධතියට සහ ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇතැයි ජපාන රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු වන යොෂිහිදේ සූගා පැවැසීය. ඇමෙරිකාවේ තීරණය ජාත්‍යන්තර වෙළෙඳ සම්මතයට එල්ල වූ දරුණු ප්‍රහාරයක් යැයි ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය ඇමෙරිකාවේ තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කීය. 
 
කෙසේ නමුත් මෙම තීරුබදු ඇමෙරිකාවේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝවට අදාළ නොවන බව ද වාර්තා වේ. කැනඩාව, බ්‍රසීලය, රුසියාව, දකුණු කොරියාව, ජපානය, ජර්මනිය චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇමෙරිකාව සමඟ යකඩ සහ ඇළුමීනියම් වෙළෙඳාමේ යෙදෙන රටවල්ය. 
 
055



අදහස් (1)

ඇමෙරිකාට චීනය හා ජපානයෙන් විරෝධයක්

සෙනෙවි Saturday, 10 March 2018 12:39 PM

ඔන්න නිදහස් වෙළඳ ප්‍රතිපත්ති වල හැටි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site