ඇමෙරිකා ජනාධිපතිවරයා චීන හා ජපාන නායකයන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි ද එහිදි උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ද ධවල මන්දිරය නිවේදනය කරයි. 
 
ඇමෙරිකා ජනාධිපතිවරයා ජර්මනියේ පැවැත්වෙන ජී20 සමුළුවේදී ආසියාවේ විශාලතම ආර්ථිකවලට හිමිකම් කියන චීනය හා ජපානයේ නායකයන් හමුවීමට නියමිතය. ඒ අනුව චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් සහ ජපාන අගමැති ෂින්ෂෝ අබේ හමු වී සාකච්ඡා පැවැත්වීමට පෙර මෙලෙස දුරකතය ඔස්සේ සාකච්ඡාවල නිරත වී තිබේ. මෙම සතිය අවසානයේදී ජර්මනියේදී ජී20 සංවිධානයේ රටවල නායකයන් හමුවීමට නියමිතය. 
 
නායකයන් දෙදෙනාම කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීමට කැපවන බව නැවත වරක් සහතික කළ බව ධවල මන්දිරය නිවේදනය කළේය. එමෙන්ම ඇමෙරිකා ජනාධිපතිවරයා, එරට වෙළෙඳ සහකරුවන් සමඟ සමබර වෙළෙඳ සබඳතාවක් පවත්වාගෙන යෑම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන ද ධවල මන්දිරය සඳහන් කළේය. 
 
රොයිටර් 055