තම රටේ ඇමරිකාවේ යුද හමුදා කඳවුරු පහක් පිහිටුවීම සඳහා අවසර ලබාදීමට පිලිපීන රජය කැමැත්ත පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

දෙරට අතර පසුගිය වසරේ ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම අනුව මෙම තීරණය ගෙන ඇති බව ඇමරිකා නියෝජ්‍ය සහකාර ලේකම් එමී සීරයිට් කියයි.

මේ සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීම සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම් ඈෂ් කාටර් ලබන මස පිලිපීන සංචාරයකටද එක්වීමට නියමිතය.