ඇමෙරිකා හමුදාවේ සංවේදී තොරතුරු අනවසරයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් චීනයේ ව්‍යාපාරිකයෙකු   වැරදිකරු බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සු බින් නම් ඔහු වරද පිළිගැනීමෙන් පසු වසර හතරක සිර දඩුවමක් සහ ඇමෙරිකා ඩොලර් 10000ක දඩයක් නියම විය.

ඔහු 2008-2014 කාලයේ චීන හමුදාවේ හැකර්වරුන් සමග එක්වී ඇමෙරිකාවේ දත්ත අනවසරයෙන් ලබාගත් බව හෙළි වී තිබේ. ඒ අනුව ඔහු අතින් ආරක්ෂිත පරිගණක වෙත අනවසරයෙන් ඇතුළු වී දත්ත ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ අවි අපනයන පාලන පනත උල්ලංඝණය සිදු කර ඇතැයි චෝදනා නගා තිබේ.

ඔහුගේ අනුග්‍රහය ඇතිව චීන හමුදා හැකර්වරුන් විසින් එක්සත් ජනපද හමුදාවේ යානා වල සැකිලි සැලසුම් සොරකම්කර ඇතැයි සදහන්ය.

 ඔහුට දුන් දඩුවම චීන හමුදා සමග එක්ව එම ක්‍රියාව කිරීමට කුමන්ත්‍රණය කිරීම සදහා පමණක් බව ඇමෙරිකාවේ සහකාර නීතිපතිවරයා පැවසීය. කෙසේවෙතත් චීන හමුදා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.