IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇමෙරිකා හමුදාවේ තොරතුරු හොරෙන් ගත් චීන ව්‍යාපාරිකයා හිරේ

ඇමෙරිකා හමුදාවේ සංවේදී තොරතුරු අනවසරයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් චීනයේ ව්‍යාපාරිකයෙකු   වැරදිකරු බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සු බින් නම් ඔහු වරද පිළිගැනීමෙන් පසු වසර හතරක සිර දඩුවමක් සහ ඇමෙරිකා ඩොලර් 10000ක දඩයක් නියම විය.

ඔහු 2008-2014 කාලයේ චීන හමුදාවේ හැකර්වරුන් සමග එක්වී ඇමෙරිකාවේ දත්ත අනවසරයෙන් ලබාගත් බව හෙළි වී තිබේ. ඒ අනුව ඔහු අතින් ආරක්ෂිත පරිගණක වෙත අනවසරයෙන් ඇතුළු වී දත්ත ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ අවි අපනයන පාලන පනත උල්ලංඝණය සිදු කර ඇතැයි චෝදනා නගා තිබේ.

ඔහුගේ අනුග්‍රහය ඇතිව චීන හමුදා හැකර්වරුන් විසින් එක්සත් ජනපද හමුදාවේ යානා වල සැකිලි සැලසුම් සොරකම්කර ඇතැයි සදහන්ය.

 ඔහුට දුන් දඩුවම චීන හමුදා සමග එක්ව එම ක්‍රියාව කිරීමට කුමන්ත්‍රණය කිරීම සදහා පමණක් බව ඇමෙරිකාවේ සහකාර නීතිපතිවරයා පැවසීය. කෙසේවෙතත් චීන හමුදා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.



අදහස් (0)

ඇමෙරිකා හමුදාවේ තොරතුරු හොරෙන් ගත් චීන ව්‍යාපාරිකයා හිරේ

සෑම් Friday, 15 July 2016 09:59 PM

ඇමරිකාවත් ඔය වැඩේම කරලා අහුවුණා. 90 දශකයේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ චීන තානාපති කාර්යාලය හදනකොට ඇමරිකානු රහස් ඔත්තු සේවය මඟින් සවන්දීමේ උපකරණ සවි කෙරුවා. පසුව චීන රජයට මේක අසුවුණාම මුළු තානාපති කාර්යාලයම කඩා ඉවත් කර විශේෂ ආරක්ෂාව යටතේ නැවත ඉදිකළා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 588 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1708 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site