ඇමෙරිකාවේ සියැටල් නගරයේ, ආහාර සැණකෙළියක් අතරතුරේ සිදුවුණු වෙඩි තැබීමකින්, එක් අයෙක් ජීවිත්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන පහකි. තුවාල ලැබූ පස් දෙනා අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පැවැසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දිගටම සිදුවෙමින් පවතී. වෙඩි තැබීම සිදුවූයේ ‘බයිට් ඔෆ් සියැටල්’ නමැති ආහාර සැණකෙළිය පැවැත්වෙද්දීය.