IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඇමෙරිකා සටන් විරාම තැත වරදී

ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනා  ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට්ටුව විසින් ප්‍රතික්ෂේපකැර තිබේ.

කෙරීගේ යෝජනාවලින් ඉල්ලා ඇත්තේ හමාස් සටන්කාමීන් අතර දින 18ක සටන් විරාමයක් ඇතිකරන ලෙසිනි. මේ වනවිට පලස්තීනුවන් 800ක් හා ඊශ්‍රායල ජාතිකයන් 36 දෙනකු ගැටුම් ආරම්භයේ සිට මියගොස් ඇතැයි පැවසේ.

හමාස් සංවිධානය තවමත් යෝජිත සටන් විරාමයට ප්‍රතිචාර දක්වා නොමැත. එම සංවිධානයේ නායකයා පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ අවහිර කිරීම් අවසන්කරන තුරු මේ කිසිදු සටන් විරාමයකට තමන් එකඟ නොවන බවයි.

විදෙස් වාර්තා පවසන්නේ දරුවෙක්  බිහිකළ මවක්ද ගුවන් ප්‍රහාර වලින් මියගිය බවයි.

ඊශ්‍රායලය සිකුරාදා සිට ගුවන් ප්‍රහාර වැඩි කර තිබේ. ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසන්නේ ඔවුන් විසින් ජිහාඩ් ඉස්ලාම් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මරා දැමු බවයි.

අයන් ඩෝම් ආරක්ෂක  වැඩ පිළිවෙල හේතුවෙන් හමාස් රොකට් ප්‍රහාර මැඩ පැවැත්වීමට හැකි වූ බව ද ඔවුහු කියති. ජූලි අට වැනිදා ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර ආරම්භ කළ පසු ඊශ්‍රාලයට ඇතුලුවීමට සටන් කාමින් හාරා ඇති උමං විනාශ කිරිමට ද කටයුතු කැර ඇත.

gaza 1 - Copy

 



අදහස් (0)

ඇමෙරිකා සටන් විරාම තැත වරදී

සිරී Saturday, 26 July 2014 10:09 AM

රත්නායක පලස්තීනුවන් ඉල්ලා සිටිනේ තමන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් පනවා ඇති සම්බාදක ඉවත්කරන්න ලෙසයි. ඊශ්‍රායලය තමන්ට හිතන හිතන වෙලාවට පලස්තීනුවන්ගේ ගෙවල් ඩෝසර් කරනවා. ඒ මදිවට පලස්තිනෙය් පාරවල් ,අහස , මුහුද ඔක්කොම පාලනය කරන්නේ ඊශ්‍රායලයියි. තමන්ට ඕන දේවල් පිටරටවල් වලින් ගේන්න ගැනීමට පවා පලස්තීනුවන්ට බැරිවී තිබේ. ඒ නිසා ඔවුන් කැමති නැහැ තමන්ගේ මේ ඉල්ලීම් ඉටු නොවී සටන් විරාමයකට යනවට (නදී)

:       0       0

මිළය Saturday, 26 July 2014 10:18 AM

රත්නායක ඔයාට ඉතිහාසය දන්නේ නැහැ. (නදී)

:       0       0

මහී Saturday, 26 July 2014 01:22 PM

මම ඊශ්‍රායලයට ආදරෙයි (නදී)

:       0       0

සිල්වා Monday, 28 July 2014 03:51 PM

මමත් ඊශ්‍රායලයට ආදරෙයි. අපි ඊශ්‍රායලයට වෙනුවෙන් යුද්ද කරන්නත් කැමති (දී)

:       0       0

නුවන් Saturday, 26 July 2014 06:11 AM

ඇමරිකාව අනුන්ගේ කුණු හොයා හොයා යනකොට තමුන්ගේ රට ඇතුලින් විනාශ වෙනවා පේන්නේ නැහැ (නදී)

:       0       0

රත්නායක Saturday, 26 July 2014 07:56 AM

ඊශ්‍රායලය මිනිස්සුන්ට ජීවත් වීමට ඇති එකම රට. ඒ අය මොන විදිහෙන් හරි රැකගත යුතුයි. පලස්තීන මිනිස්සුන්ට මෙය විසදා ගත හැකි මාර්ග තිබුනත් මුස්ලිම් මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ මුළු රටම අල්ල ගන්න. මම නම් හිතන්නේ ඒක ලේසියෙන් කරන්න පුළුවන් කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 352 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2154 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site