ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනා  ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට්ටුව විසින් ප්‍රතික්ෂේපකැර තිබේ.

කෙරීගේ යෝජනාවලින් ඉල්ලා ඇත්තේ හමාස් සටන්කාමීන් අතර දින 18ක සටන් විරාමයක් ඇතිකරන ලෙසිනි. මේ වනවිට පලස්තීනුවන් 800ක් හා ඊශ්‍රායල ජාතිකයන් 36 දෙනකු ගැටුම් ආරම්භයේ සිට මියගොස් ඇතැයි පැවසේ.

හමාස් සංවිධානය තවමත් යෝජිත සටන් විරාමයට ප්‍රතිචාර දක්වා නොමැත. එම සංවිධානයේ නායකයා පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ අවහිර කිරීම් අවසන්කරන තුරු මේ කිසිදු සටන් විරාමයකට තමන් එකඟ නොවන බවයි.

විදෙස් වාර්තා පවසන්නේ දරුවෙක්  බිහිකළ මවක්ද ගුවන් ප්‍රහාර වලින් මියගිය බවයි.

ඊශ්‍රායලය සිකුරාදා සිට ගුවන් ප්‍රහාර වැඩි කර තිබේ. ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසන්නේ ඔවුන් විසින් ජිහාඩ් ඉස්ලාම් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මරා දැමු බවයි.

අයන් ඩෝම් ආරක්ෂක  වැඩ පිළිවෙල හේතුවෙන් හමාස් රොකට් ප්‍රහාර මැඩ පැවැත්වීමට හැකි වූ බව ද ඔවුහු කියති. ජූලි අට වැනිදා ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර ආරම්භ කළ පසු ඊශ්‍රාලයට ඇතුලුවීමට සටන් කාමින් හාරා ඇති උමං විනාශ කිරිමට ද කටයුතු කැර ඇත.

gaza 1 - Copy