පාපැදියෙන් ගමන් කරණ විට ප්‍රංශයේ සයින්ෂර් හි දි අද සිදුවූ අනතුරකින්  ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ දකුණු කකුලේ කලවා අස්ථිය කැඩී රෝහල් ගත කර ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ තුවාලය සිදුවූ ස්ථානයේ කලින් ද තුවාලයක් සිදුව සැත්කමක් ද කැර තිබිණි. එම සැත්කම කළ වෛද්‍යවරයා සමගින් බොස්ටන් හි මැසචුසෙට්ස් මහ රෝහල වෙත ඔහු රැගෙන ගිය බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක   කර්බි පවසන්නේ තමන්ට සැලසුම් කල පරිදි  ස්පාඥඤයේ සංචාරය කිරීමට නොහැකිවීම සහ අයිඑස්අයිඑස් ත්‍රස්තක්‍රියා මැඩලීම සම්බන්ධයෙන් අඟහරුවාදා රාජ්‍ය තාන්ත්‍රික රැස්වීමට සහභාගී වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජෝන් කෙරි රාජ්‍ය ලේකම්වරයා තම ණනගාටුව ප්‍රකාශ කර ඇති බවයි.

කර්බි පවසන්නේ රාජ්‍ය ලේකම්වරයාගේ තත්වය යහපත් බවත් ජීවිත අවදානමක් නොමැති බවත්ය.

දකුණු බාහුවේ වු තුවාලයේ ස්වභාවය අනුව එය සුවවීම සඳහා මාස හයක් හෝ ඊට වැඩියෙන් ගතවිය හැකි බව විකලාංග වෛද්‍යවරු පවසා තිබිණි. කර්බි මීට කලින් පැවසුවේ රාජ්‍ය ලේකම්වරයා පරික්ෂා කිරීම සඳහා හෙලිකොප්ටරයක් මගින් අසල ඇති ස්විට්සර්ලන්තයේ ජිනීවා වෙත රැගෙන ගිය බවයි.

අනුපූරක වෛද්‍යවරුන් සහ කායික වෛද්‍යවරයා සමගින් රාජ්‍ය ලේකම්වරයාගේ ආරක්ෂක භට සේනාව අනතුර වන අවස්ථාවේ ඒ අසල සිටි බවද කර්බි කියයි. ඇද වැටීම සිදුවු ස්ථානයේදී ම කෙරීට  මුලික ප්‍රතිකාර ලබාදි තිබේ.

ඉරාණයේ න්‍යස්ඨික වැඩසටහන සඳහා එම රටේ තානාපතිවරු සමග  සාකච්චා කිරීමට කෙරිට ජීනිවා දක්වා ගමන් කිරීමට සිදුව තිබිණි.  මේ සඳහා ඔහු මේ සඳහා සැතපුම් තිහක් නගරයේ සිට පාපැදියෙන් ගමන් කර තිබේ. මෙම ස්ථානය පිහිටියේ ප්‍රංශයට නුදුරුවය.