ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ලෙස මිට් රොම්නි පත්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හා මිට් රොම්නි අතර මේ පිළිබඳ සාකච්ඡාවක්ද පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ඇමරිකා රාජ්‍ය ලේකම් ලෙස වර්තමානයේ කටයුතු කරනුයේ ජෝන් කෙරීය.
නව රාජ්‍ය ලේකම් තනතුර සඳහා ඉදිරිපත්වී ඇති නම් අතර මිට් රොම්නිගේ නම ඉදිරියෙන්ම ඇතැයි නව උප ජනපති මයික් පෙන්ස් මාධ්‍යයට සඳහන් කැර තිබිණි.
රොම්නි ප්‍රබල දේශපාලකයකු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරයි. මැසචුසෙට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙසද කලක් ඔහු කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ජෝන් කෙරී එෆ්සීඅයිඩී ගෙනිහිල්ලා ප්‍රශ්න කරයිද. ලංකාවට කීපාරක් ගියාද වියදම කොච්චරද කියලා. (හේ)