එඩ්මන් ඇලෙක්සැන්ඩ්රි නමැති 61 හැවිරිදි මගියකු මියාමි සිට පැරිස් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක කලබල කිරීම හේතුවෙන් යානය බොස්ටන් වෙත ගොඩබැස්සවිමට සිදුවූ බව ඇමෙරිකා ගුවන් සේවය පවසයි. මීට දින කිහිපයකට පෙර ද මෙලෙසම මගීන් දෙදෙනකුගේ ආරවුලක් සංසිදුවීමට ඇමෙරිකා යානයක් හදිසියේ ම ගොඩබස්වනු ලැබීය.
ප්‍රංශ ජාතිකයෙක්වු ඇලෙක්සැන්ඩ්රේ නොනවත්වාම ගුවන් යානය තුල කලබල කිරීමට පටන් ගත් හෙයින් ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ඔහුව අස්වැසීමට මෙම මගියාගේ අත අල්ලා ගෙන උත්සාහ ගෙන තිබේ. නමුත් ඇලෙක්සැන්ඩ්රේ දිගටම කෝපයෙන් කටයුතු කිරීම හේතුවෙන් ගුවන් යානයේ වෙස්වලාගෙන සිටි ෆෙඩරල් ගුවන් නිලධාරීන් විසින් කලබළ කළ ගුවන් මගියාගේ දෙඅත් වලට මාංචු දමා ඇතැයි ඇමරිකානු නීතිපති කාර්යාලය කියයි.
පසුව මෙම ගුවන් යානය බොස්ටන් වෙත හදිසියේ ගොඩබැස්වු පසු මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිසිය විසින් ඇලෙක්සැන්ඩ්රි අත් අඩංගුවට ගෙන තිබේ.
පස්දරු පියෙකුවු ඇලෙක්සැන්ඩ්‍රි හයිටිවල දී තම පවුලේ සාමාජිකයන් බැහැදැකිමෙන් පසු නැවත සිය රටට යන අතර තුරදි මෙම ගැටළුවට ඇතිකරගෙන තිබේ. පසුව මොහුට කලක සිට වැළදි තිබු රෝග වලට ප්‍රතිකාර කිරීටම රෝහලට ගෙන ගොස් ඇත. ෆෙඩරල් නීති නිළධාරින් පවසන්නේ මෙම මගියාට අධිරුධිර පිඩනය සහ දියවැඩියාව වැනි රෝග තිබු බවයි.
මෙම ප්‍රතිකාර වලින් අනතුරුව ඇලෙක්සැන්ඩ්‍රේට ගුවන් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවිය. ඇලෙක්සැන්ඩ්‍රේගේ නිතිඥයා අධිකරණයට පවසා ඇත්තේ අඩි හයක් පමණ උසැති තමසේවාදායකයාට ඉදිරිපස ආසනය දිගහැරීම හේතුවෙන් තම දෙකකුල් දිගහැරීමට අපහසුවි ඇති බවයි. ඒ හේතුවෙන් ඉදිරිපස ආසනය ඉදිරියට ගන්නා ලෙස ඉල්ලාසිටියද එම මගි කාන්තාව එසේ නොකල හෙයින් මෙම ආරවුල හටගත් බවයි. පසුව විනිශ්චයකාරයා විසින් ඇලෙක්සැන්ඩ්‍රේ පෞද්ගලික ඇප පිට මුදා හරින ලදි. නඩු විභාගය දෙසැම්බර් දක්වා කල් තැබිණි.
ඇමරිකන් ගුවන් සේවයේ ප්‍රකාශක මිචෙල් මෝහාර් පැවසුවේ අනෙක් ගුවන් මගීන් එම ගුවන් යානයෙන්ම පැරිස් දක්වා යැවු බවයි.
මෙවැනිම කලබලයක් හේතුවෙන් මීට දින කිපයකට පෙර ඇමරිකන් ගුවන් සමාගමට අයත් යානයක් හදිසියේ චිකාගෝ වලට ගොඩ බැස්වුයේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට කවුරා කියන නගරයට යාමට 80 වියැති මගියෙකු රැගෙන ගිය කුලී ගුවන් යානයේ එන්ජිම මගියා විසින් නවතා දැමීම නිසා අනතුරකට ලක් උනා. නියමුවා මගියාට පහරදීලා අඩපන කරලා ගොවි පලකට යානය බැස්සුවා. පසුව සොයා බලන විට එම මගියාත් වසර 40 කට වඩා පළපුරුදු නියමුවෙක්. ඩිමෙන්ශියා රෝගය උත්සන්න වී මේ දේ කල බවයි කියවුනේ. (අ)
දම්ම, කියලා වැඩක් නැහැ නේද ? (නි)
මෙයාට පහසු ආසනයක් දුන්නා නම් ඉවරයිනේ. (අ)
උඩුගුවනෙත් රණ්ඩු නේද? (නි)